මාතර – සම්පත්:
බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක් වැලිගම පැලෑන පොල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී මොටර් රථයක් ගැටීමෙන් රථය පදවාගෙන පැමිණි හෝටල් සේවකයෙකු බරපතල තුවාල ලබා මාතර මහරෝහලට රැගෙනයාමේදී මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ දෙවිනුවර ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි නුවන් මධුසංඛ නැමැති දෙදරු පියෙකි.
වැලිගම පුද්ගලික සංචාරක හොටලයක රථගාලේ සිට සංචාරක හෝටලයට රථය රැගෙන පැමිණෙමින් සිටියදී ඊයේ පස්වරු 6.30 පමන මෙසේ අනතුරට ලක් විය.
දුම්රියේ ගැටීමෙන් පසු මීටර් 300 ක් පමණ මෝටර් රථය විසිවී ඇති අතර බරපතල තුවාල ලැබූ සේවකයා මාතර මහ රෝහලට රැගෙනයාමේදී මිය ගොස් ඇත.
මෙම අනාරක්ෂිත දුම්රිය ගේට්ටුවක් වන අතර ඊයේ දිනයේ එහි සේවය කරනු ලබන මුරකරුද සේවයට පැමිණ නැත.මෙම ප්රදේශයේ විදුලිය විසන්ධිවී තිබීම හේතුවෙන් දුම්රිය ගේට්ටුවෙහි විදුලි ක්රියාත්මක වී නොතිබුණි.
වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වනු ලබයි.