සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාහන ආනයනයෙන් පසු සෙකන්ඩ් හෑන්ඩ් වාහනවල මිලට සිදුවිය හැකි දේ…

by editor
දෙසැම්බර් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී – 

මීට වසර කිහිපකකට පෙර, ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදය හමුවේ වාහන ආනයන තහනම් කිරීමට එවකට රජය පියවර ගත්තේ ය.

ඒ හේතුවෙන් වෙළෙඳපොළ තුළට අලුත් තත්ත්වයේ (brand new) වාහන පැමිණීම නතර වුණු අතර, මෙරට පැවති භාවිත කරන ලද වාහන පාරිභෝගිකයින් අතර හුවමාරු වීම පෙරට වඩා ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ඒවා එවකට පැවති මිලට වඩා දෙගුණයකටත් අධික මිලට අලෙවි වීමට ඉඩ සලසමිනි.

නමුත්, ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 18 වන දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, 2025 වසරේ පෙබරවාරි මස 1 වන දා සිට සිට පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ය.

ඒත් සමග ලියාපංදිචි නොකළ වාහනයක් මිල දී ගැනීමේ අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු යළි සක්‍රිය වුණු නමුත් එය මේ වන විට ලියාපදිංචි කළ වාහන භාවිත කරන පිරිස් අතර යම් අවිනිශ්චිතතාවක් ඇති කිරීමට ද තුඩු දී තිබේ.

මේ, වාහන ආනයන සීමා ලිහිල් කිරීම හරහා මෙරට භාවිත කෙරෙන ලියාපදිංචි කළ (පාවිච්චි කළ) වාහන මිල ගණන්වලට බලපෑමක් එල්ල විය හැකි ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයා බැලීමකි.

RelatedPosts

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!

ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…

‘අපේ ඇඩ් එකකට කෝල් එකක්වත් එන්නේ නැහැ’

රංජිත් අබේකෝන් යනු, වාහන වෙළෙඳාමේ නිරත ව්‍යාපාරිකයෙකි. බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, වාහන ආනයන සීමා ලිහිල් කිරීමට ගත් පියවරත් සමග එය තම වෙළෙඳ කටයුතුවලට අහිතකර ලෙස බලපෑම් එල්ල කර ඇති බව ය.

“සමහර සමාගම් ඕඩර්ස් වගේ භාර අරන් තියෙනවානේ දැනටමත්. ඇඩ්වාන්ස් මුකුත් අරගෙන නැතුව. සමහර සමාගම් ඇඩ්වාන්ස් අරන් තියෙනවා. ලක්ෂ 5 ගාණේ වගේ. මිනිස්සුන්ගේ මතයක් තියෙනවානේ පෙබරවාරි වෙද්දී සම්පූර්ණයෙන් අරිනවා කියලා. ඒක නිසා දැන් තියෙන රෙජිස්ටර්ඩ් වෙහිකල් මාකට් එක ඩ්‍රොප් එකක් තියෙනවා ලොකු. දැනටමත් වෙලා. අපේ ඇඩ් එකකට කෝල් එකක්වත් එන්නේ නැහැ,” ඔහු පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, තවමත් වෙළෙඳපොළට ලියාපදිංචි නොකළ වාහන පැමිණ නොමැති බැවින් භාවිත කළ වාහනයක, නැතිනම් ලියාපදිංචි කළ වාහනයක මිල වෙනස් වන ආකාරය පිළිබඳව නිශ්චිතව පැවසිය නොහැකි බව ය.

අහස උසට ඉහළ යන වාහන මිල පාලනය කරන්න රජයට බැරි ද?

“මිල තාම තීරණය කරන්න බැහැ. මොක ද ගහන ඩියුටිය ගැන සඳහනක් නැහැනේ තාම. ඉම්පෝට් තහනම් කරනකොට 300% නේ ඩියුටිය. වැට් එකත් අඩුයි. දැන් 18%යි. එතකොට ඩොලර් රේට් එක තිබ්බේ 180යි. දැන් 290යි. ඩියුටිය කීයටවත් 300%ට ගේන්න දෙන්නේ නැහැ ආණ්ඩුව. ඊට වැඩි වෙයි කියලා තමයි කියන්නේ. ඒ ටැක්සස්වලට ගෙනාවොත් අන්රෙජිස්ටර්ඩ් එකක වැලියු එක ගොඩක් වැඩි වේවි කියලා තමයි මම හිතන්නේ,” ඔහු ලියාපදිංචි නොකළ වාහන මිල පිළිබඳව ද අදහස් දක්වමින් පැවසීය.

මේ වන විට බොහෝ දෙනෙකු වාහන මිල දී ගැනීම නතර කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

“වාහන මූව් වෙන එක 100% ස්ලෝ. කවුරුවත් ගන්නේ නැහැ. බයින් ඇන්ඩ් සෙලින් කරන අපි ගන්නෙත් නැහැ,” ඔහු තවදුරටත් පැවසීය.

‘එහෙම ලොකු කඩා වැටීමක් වෙන්නේ නැහැ’

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ලියාපදිංචි කළ වාහන අලෙවියේ නිරතවන ව්‍යාපාරික ප්‍රසන්න කුමාර ද බීබීසී සිංහල දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේ ය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, වාහන ආයනය සීමා ලිහිල් කිරීමේ පුවත සැලවීමත් සමග, තම වාහනය අලෙවි නොවනු ඇතැයි බියෙන් මේ මොහොතේ ඇතැම් පිරිස් අඩු මිලකට වාහන අලෙවි කළ ද එම මිලේ විශාල කඩා වැටීමක් විය හැකි යැයි අපේක්ෂා නොකරන බව ය.

“තාම හරියට කීයක් ටැක්ස් ගහනවා ද කියලා නෑනේ. එතකොට මට නම් හිතෙන විදිහට මිලේ වෙනසක් වෙන්නේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. දැනට පොඩ්ඩක් බයට අඩුවට දෙන්න ඉඩ තියේවි. ඒ කියන්නේ විකිණෙන්නේ නැති නිසා. එහෙම ලොකු කඩා වැටීමක් වෙන්නේ නැහැ මට හිතෙන විදිහට.

ඔහු පෙන්වා දුන්නේ, මේ දක්වා තම වෙළෙඳ කටයුතුවලට මෙම ආනයන සීමා ලිහිල් කිරීම බලපා නොමැති බව ය.

“තව ම ලොකුවට වෙළෙඳාමට බලපෑමක් වෙලා නැහැ. තව ම හරියට දන්නේ නැහැනේ මොනවා ද ගේන්නේ කියලා. පෙබරවාරි වෙන්න තව මාස දෙකක් තුනක් තියෙනවා නේ,” ඔහු පැහැදිලි කළේ ය.

මූල්‍ය ආයතනවලට බලපෑමක්?

රංජිත් සහ ප්‍රසන්න සමග බීබීසී සිංහල සංවාදයේ යෙදුණු අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ම එක හා සමාන අදහසක් පළ කළේ ය.

එනම්, ලියාපදිංචි වාහන මිල විශාල වශයෙන් පහත වැටීම මූල්‍ය සමාගම්වලට අහිතකර බලපෑමක් ඇති කරනු යන්න ය.

ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ රංජිත් ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

“ඇක්වා එකකට ලක්ෂ 80, 85, 90 දීලා තියෙනවා මූල්‍ය ආයතනවලින් ෆිනෑන්ස් පහසුකම්. අර විදිහට ගණන් අඩු වුණොත් මිනිස්සු කෙලින් ම වාහන අත අරිනවනේ. ෆිනෑන්ස් කම්පැනියට අරන් යන්න කියලා. මාකට් එකේ ඊට වැඩිය අඩුවට ගන්න පුළුවන් නිසා. එතකොට මූල්‍ය ආයතනවලට මොකද වෙන්නේ? මූල්‍ය ආයතන කඩාගෙන වැටෙනවනේ,” ඔහු පැවසීය.

ප්‍රසන්න ද පෙන්වා දුන්නේ, වැඩි මිලට වාහන මිල දී ගත් කෙනෙකු සිටී නම්, ඔවුන්ට විශාල වශයෙන් පාඩුවක් සිදුවන්නේ නම්, ඔවුන් මානසිකව කඩා වැටිය හැකි බව ය.

එවැනි අවස්ථාවලදී කල්බදු ක්‍රමයට ඔවුන් ලබා ගෙන ඇති වාහනය අතහැර දැමීමේ තත්ත්වයක් උද්ගත විය හැකි බව ඔහු පැවසීය.

මෙම අදහස සම්බන්ධයෙන් බීබීසී සිංහල ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, ආර්ථීක විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගෙන් ද විමසීමක් කළේ ය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, මූල්‍ය සමාගම් කලක් තිස්සේ ක්‍රියාත්මක වී ඇති බැවින් වාහන මිල පහළ යාම එම සමාගම්වලට අහිතකර ලෙස බලනොපාන බව ය. එවැනි තත්ත්වයක් උදා වීම අපේක්ෂා කළ නොහැකි දෙයක් බව ද ඔහු පැවසීය.

“මිලියන 14, 15 තිබ්බ එක මිලියනයට වැටෙන්නේ නැහැ කොහොමත්. මොක ද රුපියල අවප්‍රමාණය වුණ නිසා, මිල තිබුණ ගාණ වගේ දෙගුණ වෙලා තියෙන්නේ. මම හිතන්නේ නැහැ, ඒ සමාගම් කඩා වැටෙන තත්ත්වයකට ඒවි කියලා සහ නොගෙව ඉන්න එක හොඳයි අලුත් වාහනයක් ගන්න එකට වඩා කියලා. මොකද අයෙත් එහම කරපු ගමන් වාහනයක් ගන්න අපහසු වෙනවනේ. නම ක්‍රිබ් එකට යනවනේ, ලෝන් එක සෙට්ල් කළේ නැහැ කියලා,” ඔහු පැහැදිලි කළේ ය.

‘කෘත්‍රිම මිල ගණන් පහළ යාමක් අපේක්ෂා කරනවා’ –
ආර්ථීක විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු
වාහන ආනයන සීමා ලිහිල් කිරීම හරහා දැනට වෙළෙඳපොළේ පවතින ලියාපදිංචි කළ වාහනවල මිලට බලපෑමක් සිදුවනු ඇතැයි ද යන්න සම්බන්ධයෙන් ද බීබීසී සිංහල ආර්ථීක විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, මෙම පියවර මගින් සාමාන්‍යයෙන් වෙළෙඳපොළ ක්‍රියාත්මක වන ආකාරයට භාවිත කළ වාහනවල මිල ගණන්වල යම් අඩුවීමක් සිදු විය යුතු බව ය.

ඔහු ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් මෙසේ ද පැවසීය.

“වෙළෙඳපොළේ තියෙන වාහන ආනයනය කරලා තියෙන්නේ කලින් විනිමය අනුපාතවලටනේ. ඒ කියන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල 180 හෝ 200ට අඩු කාලයේදී ආනයනය කරපු වාහන තමයි දැන් තියෙන්නේ. එතකොට ඒ වාහනවලට නැවත මිලක් නියම වෙද්දී, පරණ ගාණට ම යන එකක් නැහැ. මොකද යම් ප්‍රමාණයකට කරන්සි එක [රුපියල] යම් ප්‍රමාණයකට අවප්‍රමාණය වෙලා තියෙන නිසා පරණ වාහනය ම ගෙන්නුවත් මට හිතෙනවා යම්කිසි මුදලක් වැඩි වෙලා තියේවි කියලා ඒ කාලේ තිබ්බ මිලට වඩා.”

කෙසේ වෙතත්, වෙළෙඳපොළ විවෘත වීම හරහා දැනට පවතින කෘත්‍රිම මිල ගණන් පහළ යාමක් අපේක්ෂා කරන බව ඔහු පෙන්වා දුන්නේ ය.

එම මිල කුමක් විය හැකි දැයි යන්න ප්‍රක්ෂේපනය කළ නොහැක්කේ, ආනයනය සම්බන්ධ නව නීතිරීති තිබේ නම් ඒවා මේ දක්වා හඳුන්වා නොදීම නිසා බව ඔහු පැවසීය.

“එකක් තමයි කොච්චර බදු ප්‍රමාණයක් ආයෙත් රජය අය කරනවා ද? බද්ද වැඩි කරනවා ද? අඩු කරනවා ද? ඒක එක සාධකයක්. දෙවැනි එක තමයි ඒ වාහන ආනයනය කරන්න දෙන්නේ මොන නිෂ්පාදිත වර්ෂයට අදාළව ද? 2020 වගේ පස්සේ නිෂ්පාදනය කරපුවා විතරයි නම් ආනයනය කරන්නේ, ඒවා ගණන් වැඩියි. එතකොට ඒ මිලත් එක්ක වෙළෙඳපොළ තීරණය වෙන්නේ. හැබැයි ගොඩක් පරණ වාහනත් ආනයනය කරන්න පුළුවන් කියලා කිව්වොත් එහෙම, මිල තවත් අඩුවෙයි,” ඔහු සඳහන් කළේ ය.

වාහන ආනයනයෙන් ඩොලර් සංචිතවලට බලපෑමක් ඇති වනවා ද?

“ගොඩක් දෙනෙකුට බයවල් දෙකක් තියෙනවා. එකක් තමයි ආනයනය කළා ම රුපියල අවප්‍රමාණය වෙයි කියලා එක බයක් තියෙනවා. අනෙක් පැත්තෙන් ආනයනය කළාට පස්සේ සංචිත අඩු වෙයි කියලා එක බයක් තියෙනවා,” වාහන ආනයනයෙන් ඩොලර් සංචිතවලට බලපෑමක් ඇති වනවා ද යන්න පිළිබඳව බීබීසී සිංහල යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ධනනාත් ප්‍රනාන්දු පැවසීය.

ඔහු අවධාරණය කළේ, ආනයන සිදු කරන්නේ ඩොලර් සංචිතවලින් නොවන බව ය.

එලෙස බලපෑමක් සිදුවන්නේ නම්, ආනයනය සිදු කරන විට සංචිත ඉහළ ගියේ කෙසේ ද යන්න පිළිබඳව ඔහු ප්‍රශ්න කළේ ය.

“මුලින් ම අවබෝධ කරගන්න ඕනේ, අපි ආනයනය කරන්නේ සංචිතවලින් නෙවෙයි කියන එක. මොක ද මේ වෙලාවේ සමස්ත ආනයන තියෙනවා බිලියන 20ක්. එතකොට වාහනවලට අපේක්ෂා කරන්නේ ඩොලර් බිලියනයක් හෝ 1.5ක් විතර. එතකොට ආනයනය කරද්දී සංචිත පහළට වැටෙනවා නම්, දැන් මේ ටිකේ බිලියන 20ක් ආනයනය කරලා සංචිත බිලියන 6ක් තියෙන්න විධියක් නැහැනේ එහෙනම්. ඇත්තට ම සිද්ධ වුණේ, අපේ ආනයනය බිලියන 20ක් වෙද්දී, අපේ සංචිත එන්න එන්න වැඩි වුණා,” ආර්ථික විශ්ලේෂකවරයා පැහැදිලි කළේ ය.

ඩොලර් ආදායමෙන් ආනයනය සිදු කරන බැවින් ආනයන හරහා රුපියල අවප්‍රමාණය වීමක් සිදු නොවන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත්, යම් හෙයකින් කෘත්‍රිම ලෙස පොළී අනුපාත පහළ දැමීම සිදු කළහොත් රුපියල අවප්‍රමාණය වීමේ අවදානමක් ඇති විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“ආනයන නිසා නෙවෙයි රුපියල අවප්‍රමාණය වෙන්නේ. මොකද අපි ආනයනය කරන්නේ අපිට ලැබෙන ඩොලර් ආදායමෙන්. අපිට අපනයනවලින්, ප්‍රේෂණවලින් සහ සේවා අපනයනවලින් ලැබෙන ඒවායින් තමයි, අපි ආනයනය කරන්නේ. එතකොට රුපියල අවප්‍රමාණය වෙන්න පුළුවන්, පොළී අනුපාත කෘත්‍රිමව පහළ දැම්මොත්. මොකද ආනයන කරන හැමෝම බැංකුවෙන් ඩොලර් මිල දීලා ගන්නේ රුපියල් දීලා. එතකොට රුපියලේ මිල කෘත්‍රිම විදිහට පහළට දැම්මොත් තමයි, මිනිස්සු වැඩි වැඩියෙන් ආනයනය කරන්න පටන් ගන්නේ.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරයි…

Next Post

දුම්රියෙන් එළවළු ප්‍රවාහන ව්‍යාපෘතියට වියදම් කළ කෝටි 20ම වතුරේ… කෝටි 10ක් වියදම් කරලා තියෙන්නේ හිතූ මතේ… විගණනය හෙළි කරයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ජූනි 6, 2026
chartered-institute-of-media-professionals
පුවත්

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය= පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

ජූනි 6, 2026
Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ජූනි 6, 2026
Iran

ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!

ජූනි 6, 2026
Itamar-Ben-Gvir-and-Bezalel-Smotrich

ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…

ජූනි 6, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!
  • ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!
  • ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.