අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අදට (08) දින 75ක් රැඳවුම් නියෝග යටතේ සිර කර තබා ගනිමින් සිදුකරන අත්තනෝමතික හැසිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියන්ට සහතික කර ඇති ප්රකාශනයේ, භාෂණයේ සහ සාමකාමී විරෝධතා දැක්වීමේ නිදහස රජය මගින් උල්ලංඝණය කරමින් සිටින බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අසාධාරණ සහ අයුක්ති සහග ලෙස යොදා ගනිමින් සමාජ ක්‍රියාකාරී නායකයින් සහ සමාකාමී අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් ගෙන යන දුර්දාන්ත වැඩපිළිවෙළ තරයේ හෙළා දකින බවත් උන්වහන්සේ එම නිවේදනයෙන් කියා සිටියහ.
දැනට රටේ සිදුවෙමින් තිබෙන දූෂණයට සහ වංචාවට එරෙහිව කතා කරන, සාමාකමී විරෝධතා දක්වන, විරෝධතා පා ගමන් සංවිධානය කරන , සමාජ සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී නායකයින්ට සහ ජනතාවට එරෙහිව පවතින රජය දියත් කර ඇති මර්ධන විඳ දරා ගත නොහැකි තරමට වර්ධනය වී අයුරු කාදිනල් තුමෝ පෙන්වා දුන්හ.
උන්වහන්සේ කියා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත් අය නීතිපතිතුමාගේ නිර්දේශ මත නිදොස් කොට නිදහස් කරමින් ගෙන යන වැඩපිළිවෙළත් ජනතා මුලා කරන නාටකයක් පමණක් බවය.
කාදිනල් තුමා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.








