ගම්පෙරළිය චිත්රපටය අධ්යක්ෂණය කීරීම වෙනුවෙන් නවදිල්ලි සිනමා උළෙලේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස්ට පිරි නමා තිබූ රණ මයුර සම්මානය එතුමාගේ මළ ගෙදරට පැමිණි අවස්ථාවේ හොරකම් කරගෙන ගොස් විකිණූ පුද්ගලයා ඊයේ පැවති පළමු කුඹල් පෙරහර අවස්ථාවේ දි ගැට කපන්නට ගොස් පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 71 හැවිරිදි වියේ පසුවන ලියාපදිංචි අපරාධකරුවෙක් වූ පුද්ගලයෙකි. කුඹල් පෙරහට ඊයේ (21) නුවරට පැමිණි අති විශාල ජනතාව අතර තෙරපෙමින් කාන්තාවකගේ ගමන් බෑගයෙන් මුදල් පසුම්බියක් සොරා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ අවට සිටි පිරිසගේ සහාය ද සහිතව ඔහු අත් අඩංගුවට පත් වි ඇත. සැකකරු ගම්පොළ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නලීන් ඉන්දික ගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.