සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රූපවාහීනී බලපත්‍ර අහෝසි කරනවා කිව්වේ ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස නොව, සෞඛ්‍ය ඇමතිවරයා විදිහට… ඇමති නලින්ද කියයි!

by editor
ජනවාරි 9, 2026
in පුවත්
nalinda_J
Share on FacebookShare on Twitter

රූපවාහිනී ආයතනවල බලපත්‍ර අහෝසිකරන බවට තමන් ප්‍රකාශ කළේ ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස නොව සෞඛ්‍ය ඇමතිවරයා ලෙස බවත්,  බලපත්‍ර කොන්දේසි කඩමින් හිතාමතා විකෘති ප්‍රවෘත්ති පලකර ජනතාවට සෞඛ්‍ය පද්ධතිය සම්බන්ධව ඇති විශ්වාසය බිඳ දමන්නේ නම් තමන්ගේ පැත්තෙන් අදහසක් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (09) පාර්ලිමේනතුවේදී පැවසුවේය.

ඔහු කීවේ අදාල බරපතල අසත්‍ය ප්‍රවෘත්තිය,  හිතාමතා විකෘතිකළ ප්‍රවෘත්තිය එම රූපවාහිනී ආයතනය විසින්ම නිවැරදි කළ බැවින් ප්‍රශ්නයක් පැනනොනගින බව ද ඇමතිවරයා පැවසුවේය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉතිහාසයේ ප්‍රථම වරට ජනමාධ්‍ය ඇමතිවරයෙක් ජනමාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කිරීම සම්බන්ධව ප්‍රකාශ කර ඇති බැවින් තවමත් එම ස්ථාවරයේ ජනමාධ්‍ය ඇමතිවරයා සිටින්නේ දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නලින්ද ජයතිස්ස ඇමතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය ඇමති ලෙස මට වගකිමක් තියනවා ජනතාවට සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහතික කරන එක. ඒ වගේම මේ රූපවාහිනී ආයතනවලට තාවකාලික බලපත්‍ර ලෙස තමයි ලබා දීලා තිබෙන්නෙ. ඒ අය කොන්දේසිවලින් බැඳෙනවා විශේෂයෙන් ජාතික ආරක්ෂාව සෞඛ්‍ය වැනි කාරණාවලදී ජනතාවට සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මේක මගේ පැත්තෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් අසත්‍ය විකෘති අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ අවස්ථා කීපයක් මම දැක්කා. උදාහරණයක් විදිහට එක්තරා රූපවාහණී නාලිකාවක් ඉමියුනොග්ලොබියුලීන් සම්බන්ධව ඉදිරිපත් කරපු ප්‍රවෘත්තිය. ඒක ඉතාම සාවද්‍ය ප්‍රවෘත්තියක්. ඒ වගේම හිතාමතා කරපු විකෘතියක්.

ඉමියුනොග්ලොබියුලීන් ගෙන්වීමේ  වැරදි ක්‍රමවේදය නිසා කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට නඩු වැටිලා තියනවා. හැබැයි එහෙමයි කියලා දැන් ගෙන්වන ඉමියුනොග්ලොබියුලීන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට නඩු වැටීමේ සිද්ධියට සම්බන්ධ කිරිමේ අරමුණ මොකක්ද?

ඒ කියන්නේ මේ ඖෂධය සම්බන්ධයෙන් ජනතාවගේ බලවත් අවිශ්වාසයක් ගොඩනගන එක. එහෙම දේවල් ජනමාධ්‍යයට කරන්න අයිතියක් නෑ. ඒ ගොල්ල සත්‍ය තොරතුරු, විශේෂයෙන් සෞඛ්‍ය සම්බන්ධව ඉදිරිපත් කරන්න බැඳලා ඉන්නවා.

මම සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිවරයා. සෞඛ්‍ය සම්බන්ධව කවුරුහරි වැරදි තොරතුරක් ඉදිරිපත් කරලා මේ සෞඛ්‍ය පද්ධතිය ගැන, රජයේ රෝහල් පද්ධතිය ගැන පරීක්ෂණ ගැන සෞඛ්‍ය ක්‍රමවේදයන් ගැන කවුරුහරි විකෘති සහගතව අසත්‍ය ප්‍රවෘත්ති පළ කරලා ජනතාව මේ විද්‍යානුකූළ ක්‍රමවේදක් සහිත සෞඛ්‍ය පද්ධතියකින් අයින් කරන්න කටයුතු කරනවා නම්, ඒකට එරෙහිව මතයක් ප්‍රකාශ කරන්න අයිතියක් තියනවා. ඒක තමයි මම කිව්වේ.

ඒ නිසා ඔබතුමා කලබල වෙන්න එපා. ඒ වැරැද්ද කරපු මාධ්‍ය ආයතනයම ඒක නිවරදි කළා. මේක  තියෙන්නේ ආණ්ඩුව විවේචනය කිරීමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමාල ඕන තරම් විවේචනය කරනවනේ.  නමුත් ජනතාවගේ විශේෂයෙන් සෞඛ්‍යයට බලපාන අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න එපාය, ඒ වගේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන අයට උඩ ගෙඩි දෙන්න එපාය කියලා ඉල්ලා සිටිනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බදුල්ලේ සියලුම පාසල් අද පෙරවරු 11ට නිවාඩු….

Next Post

“විවාදයකට එන්න… ගල් අඟුරු වංචාව ඔප්පු කරනවා…” ඩී.වී චානක බලශක්ති ඇමතිට අභියෝග කරයි…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.