සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට යළිත් ආපදා තත්ත්වයකට සූදානම් වෙයි…

by editor
ජනවාරි 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊයේ (07) රාත්‍රී 11.30 වන විට මෙම පද්ධතිය  පොතුවිල් සිට 490 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනි.

එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 24 තුල ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින්  දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ලගාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. (50-75) ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං ඇති විය හැක.  ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

මේ අතර කාලගුණ පුරෝකථන උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ   පවසන්නේ උතුරු පළාතේ මුලතිව්, යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය යන ප්‍රදේශවලට මි.මී 75 – 100ත්  අතරත්, උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවලට මි.මී 50 – 75ත් අතරත්  නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව යන ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි හෝ මි.මී 100ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවටත්  නිරීක්ෂණය කර ඇති බවය.

එසේම සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල ප්‍රදේශවලට රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි  ද  දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට  සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ද    ඌව පළාතේ මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට විටින් විට ගිගුරුම් සහිතව මි.මී 100ක පමණ වැසි ඇති විය හැකි  බවද පුරෝකථනය කර ඇති බවය.

මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවලට මි.මී 75 – 100ත් අතර වැස්සක් අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළම බලාපොරොත්තු විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ කියයි.

මේ අනුව බදුල්ල මොණාරාගල සහ මධ්‍යම පළාතට මේ තද වැසි ඇතිවන්නේ දිත්වා සුළි කුණාටුවෙන් දැඩිව බලපෑ පසුබිමක් තුළය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළමනාකරණය කරනු ලබන වැව් සහ ජලාශවල ජලය 80%ක් – 90ක් අතර ප්‍රමාණයක් පිරී ඇති බවත් ඒ අනුව අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවත් ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානවල ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථානවෙත ගමන් කරන ලෙසත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටී.

මෙම තත්ත්වය තුළ යම් ආපදාවක් ඇති වුවහොත් යුද හමුදා කණ්ඩායම් 80ක්, නාවික හමුදා බෝට්ටු සහ ගුවන් හමුදාව විසින් වීරවිල, පලාවි, රත්මලාන, හිඟුරක්ගොඩ, අනුරාධපුර යන ස්ථානවල හෙළිකොප්ටර් යානා ස්ථානගත කර ඇතැයි ද පැවසු සම්පත් කොටුවේගොඩ මහතා මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද හදිසි අවස්ථාවක් සඳහා සුදානමින් සිටින බවද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 තංගල්ල පොලිස් කූඩුවේ සිටි සැකකරු සිරමැදිරියේ දොර ඇරගෙන අතුරුදන් වෙලා…

Next Post

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.