දිනසේන රතුගමගේ –
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඉදිරි පස් වසරක ධූර කාලය තුළ ඉන්දු -ලංකා ධීවර ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබා ගැනීමට ශ්‍රි ලංකා රජයත් අදාල බලධාරීන් සියලු දෙනාත් කැපවීමකින් කටයුතු කළ යුතු බව උතුරේ එක්සත් ධීවර සංගමයේ සභාපති එස්.අලාම් මන්නාරමේදී පැවසීය.
ඉන්දු–ලංකා ධීවර ගැටලුව හේතුවෙන් විපතට පත්ව සිටින උතුරේ ධීවරයින්ගේ වර්තමාන තත්ත්වය විස්තර කිරීමට ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සභාපතිවරයා මේ බව පැවසුවේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි තුන්වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසුව මේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇති නිසා එම සංචාරයේදී ඉන්දු – ලංකා ධීවර ප්රශ්නය සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා කිරීමට වඩාත් පලදායී සැලැස්මක් සකස් කළ යුතුව ඇතැයි ඔහු කියා සිටියේය.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පැවැත්වෙන සාකච්ඡාවලට අමතරව උතුරේ සියලු ධීවර සංගම්ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ඡා කිරීමට සූදානම් වියයුතු බවත් ඒ සදහා ධීවර අමාත්‍යවරයාගේ හා රජයේ සහය ධීවර සංගම් විසින් ලබා ගත යුතුව ඇති බවත් උතුරේ එක්සත් ධීවර සංගමයේ සභාපති එස්.අලාම් මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.