මනම්පිටිය නිමල් ජයරත්න –
කුමන පක්ෂ වටා ජනතාව පෙළ ගැසුනද රටේ ජනතාව රටට අවශ්‍ය පාලකයා හා ජනාධිපතිවරයා තීරණය කරනු ලබන්නේ මැතිවරණය අවසන් මොහොතේදී බව තමන් අත්දැකීමෙන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ හිටපු ඊයේ (18) ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් බැහැදකීමෙන් අනතුරුවය.
හිටපු ජනාධිපතිවරයා කියන්නේ අනිවර්යයෙන්ම මුලින් පැවැත්වෙනු ඇත්තේ ජනාධිපතිවරණයක් බවය. හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේ සිය ජනාධිපති ධූරකාලයෙන් නියමිත කාලයට පෙර වත්වීමට සිදුවුන නිසා පොලොන්නරුවේ සංවර්ධන වැඩකටයුතු අතරම නැවතුන බවය.
තමන් ආරම්භ කළ වැඩපිළිවෙළ යටතේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙනුවෙන් යම් සංවර්ධන වැඩපිළිවෙළක් සිදු කිරීමට ඉතිරිව ඇත්නම් ඒ සඳහා ඕනෑම සහයෝගයක් ලබාදෙන බවද මෛත්‍රිපාල සිරිසේන මෙහිදී පැවසුවේය..







