බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුරට ගෙනාපු බල්ලා බුරලා ගොරවලා ගේ රැකලා දුන්නා කියලා බල්ලට වඳින සිරිතක් නෑ… ඉන්දික අනුරුද්ධ කියයි.

by editor
අගෝස්තු 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • අපේ උන් එක එකා හොරෙන් හොරෙන් ජනාධිපති ලඟට ගිහින් වැඳවැටුනේ ජනාධිපතිත් එන්න එපා කියද්දී… ඒක අපි හොඳටම දන්නවා… ජනාධිපතිට ඒ නිසා බැනලා වැඩක් නෑ…

නිවසේ ආරක්ෂාවට ගෙනා බල්ලා බුරමින්, ගොරවමින් නිවස හොඳින් ආරක්ෂා කළ පමණින් බල්ලාට වැඳ පුදා ගෞරව කොට ඇදහීමට අවශ්‍යය නැතැයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසයි.

මහින්දගේ මිනිස්සු පොහොට්ටුවත් එක්ක යනුවෙන් මහනුවර දී ඊයේ (04 ) දින පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ක්‍රියාකාරී හමුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
තවදුරටත් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

එදා රටේ යම් ආර්ථික අර්බුදයක් උද්ගත වෙලා මහජන අරගලයක් පැන නැග්ගා. පසුව මේ අරගලය දේශපාලනීකරණය වෙලා ඔක්කොම එකතුවෙලා පොදු ජන පෙරමුණට ගහන්න ගත්තා. මේ වෙලාවේ තමයි අගමැතිකම බාරගන්න රනිල් ඉල්ලුවේ, සජිත් ඉල්ලුවේ. අනුර දිසානායක යෝජනා එව්වා. තවත් සමහර අය කල්පනා කරලා බලලා තීරණයක් දෙන්නම් කිව්වා. මේ වෙලාවේ රනිල් මහත්තයා ඉදිරිපත් වුණා. අපි අගමැතිකම එයාට දුන්නා. එච්චරයි උනේ.

ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ නායකයෝ අපේ කණ්ඩායමට කිව්වේ අපි පක්ෂයක් විදියට අපේ අනන්‍යතාවය රැකගෙන පාර්ලිමේන්තුවේ කටයුතු කරමු කියලා. නමුත් මොකද උනේ අපේ එක එකා හොරෙන් ගිහින් එක්සත් ජාතික පක්ෂයට, ජනාධිපතිට එකතු වුණා . ජනාධිපති අස්සේ රිංගන්න ගත්තා. අපි හොඳටම දන්නවා. ඒ වෙලාවේ ජනාධිපති කිව්වා මේ අයට එන්න එපා කියලා. එහෙම කියලා දොර වැහුවා. නමුත් අපේ අය ගිහින් දොරට ගැහුවා, කන්නලව් කලා, විවිධ ආකාරයෙන් දොර ඇරගන්න උත්සහ කළා. ජනාධිපති දොර ඇරියේ නෑ. ඊට පස්සේ මේ අය දොර කඩාගෙන ජනාධිපති ලඟට ගියා. මේක තමයි උනේ.

අපිට ජනාධිපතිට දොස් කියන්න බෑ. දැන් ගිය එවුන් ගියා. අපේ පක්ෂය ඉදිරියේ දිනන අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. ඒ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වළක්වන්න කාටවත් බෑ. ඔය කෑගහන අය ගියා කියලා. පාක්ෂිකයෝ ඔක්කොම යන්නේ නෑ. ඒ ගිය අය හිතාගෙන ඉන්නේ එයාලා ගියාම පාක්ෂිකයොත් යන්න ඕනේ කියලා. අපි පාක්ෂිකයො ගෙන්නලා එහෙට අත උස්සන්න කියනවා. මෙහෙට අත උස්සන්න කියනවා. එහෙට මෙහෙට අත් උස්සන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයෝ රූකඩ නෙවෙයි කියලා අපි ඒ ගිය අයට කියනවා.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

දැන් අපෙන් කැඩිලා ගිය අය පාරම් බානවා පුලුවන්නම් එයාලා නැතුව ඡන්ද කරන්න, පුළුවන්නම් මැතිවරණ දිනන්න ආදි වශයෙන් කියමින්. මැතිවරණ දිනන්න ඒ අය අවශ්‍යය නැහැ. අවශ්‍යය වෙන්නේ අපේ පාක්ෂිකයන්ගේ ඡන්දේ විතරයි. අපේ පාක්ෂිකයෝ වෙනස් වෙලා නෑ කියලා අපි දන්නවා. ඒ නිසා ඉදිරි මැතිවරණයට පෙර අපි සමඟ නැවත එකතු වෙන්න කියලා ගිය අයගෙන් අපි ඉල්ලීමක් කරනවා.
මෙම අවස්ථාවේදී මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ද අදහස් පළ කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෂාන් අප්සාරිත් එක්ක සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න ගිහින්!

Next Post

ඔලිම්පික් යට දේශපාලනය – ගැහැණු පිරිමි පඹගාලක පැටලවූ බොක්සිං කෙල්ල රුසියානු කුමන්ත්‍රණයක ගොදුරක් ද?

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.