මහාචාර්ය සනත් නන්දසිරිගේ අභාවයත් සමග පුරප්පාඩු වූ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පත් කරනු ලැබ තිබේ.
සිංහල සම්භාව්‍ය ගීත සාහිත්‍යය මෙන්ම සිනමාව පෝෂණය කිරීමේහි උත්තුංග මෙහෙයක් ඉටුකළ මානවවාදී විද්වත් වෘත්තිකයෙක් ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සම්භාවනාවට පත් වී තිබිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සුනිල් ආරියරත්නයන් එම තනතුරට පත් කිරීම සිදුකර තිබේ.







