පාසල් වේලාව තුළ පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත නිවාඩු දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල ද විවිධ බාහිර ස්ථානවලද තම පාසලේ සිසුන් සඳහා මුදල් අය කර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් දැනුවත් කර ඇති අතර, මෙම උපදෙස් නොසලකා කටයුතු කරන ගුරුවරුන් පිළිබදව නිසි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත යුතු බවද එහි සදහන්වේ.
පාසල් ගුරුවරුන්ට සිය පාසලේ දරුවන්ට මුදල් අය කර පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට තහනම් කරමින් මිට පෙර මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ මගින් චක්‍රලේඛ නිකුත් කර තිබිණි.







