මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මඩම් දෙකක් වටලා කළමනාකරුවන් දෙදෙනෙකු ලෙස පෙනී සිටි සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු ගණිකා වෘත්තියේ නියැලුණු කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
අද (05) කළ මෙහෙයුමේ දි අත්අඩංගුවට ගත් කළමනාකරුවන් දෙදෙනා බමුනේ ගෙදර ප්‍රදේශයේ පදිංචි අය වලුන් වන අතර, කාන්තාවන් සිව්දෙනා ඌරාපොළ, හිඟුරක්ගොඩ, අළුබෝමුල්ල, යන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ත් 35 අතර වයසේ පසු වන්නන්ය.
පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මෙම ගණිකා මඩම් දෙක වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොළොන්නරුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි මෙහෙයුමක් අනුව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම ගණිකා නිවාස දෙක වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිනි.







