ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ මාරක බස් අනතුර සම්බන්ධයෙන් බස් රථය ප්රපාතයට පෙරළීමට පෙර බස් රථයේ ගැටී අනතුරක් සිද්ධකල ජීප් රථ රියදුරා අත් අඩංගුවට ගෙන තිබේ.
අනතුර සම්බන්ධයෙන් පොලීසිය පැවසුවේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටීමෙන් පසු රථය ප්රපාතයට පෙරළී ඇති බවය.
ඊයේ (04) රාත්රි 9ට පමණ සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.
තවද බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහාය වූ පුද්ගලයින් දෙදෙනෙකුද තුවාල ලබා ප්රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව අද දෙරණ වාර්තා කර ඇත.







