ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් සිදුකර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධව කරුණු විමසීමට ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන්යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධව ප්‍රකට ව්‍යාපාරිකයකු පසුගියදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන්නේය.
එම ප්‍රකාශයෙන් හෙළිදරවුවන කරුණු අනුව ගුවන් යානා මිලදී ගැනීමේදී අනාවරණය වී ඇති අක්‍රමිකතා පිළිබඳව නාමල් රාජපක්ෂගෙන් වැඩිදුර කරුණු විමසීමට නියමිතව ඇතැයි වාර්තා වේ.







