සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ නගර සභාවේ මන්ත්‍රීකමක් අරන් සභාව නියෝජනය කරන්න ආවේ රෙද්දක් ඇඳගෙන ද?. ETI තැන්පත් කරුවෝ දීපා එදිරිසිංහගෙන් අසති!

by editor
ජූනි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතනයේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි ගණන් මහජන මුදල් කොල්ලකෑ අපරාධයට එම ආයතනයේ අධ්‍යක්ෂවරියක ලෙස  සම්බන්ධ වූ බවට චෝදනා ලද දීපා එදිරිසිංහ  කොළඹ නාගරික මන්ත්‍රීවරියක ලෙස පෙනී ඉන්නේ   රෙද්දක් ඇඳගෙනදැයි එම ආයතනයේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවෝ අද ( 16 ) කොළඹ මහ නගරසභා ගොඩනැගිල්ලේ ප්‍රවේශ දොරටුව අසල උද්ඝෝෂණයක් සිදුකරමින් ප්‍රශ්න කළහ.

ඇය කොළඹ මහ නගර සභාවට තේරී පත් වන්නේ පොදු ජන එක්සත් පෙරමුණෙන් බව කී තැන්පත් කරුවෝ ඇය නාගරික මන්ත්‍රීවරියක ලෙස තෝරා ගැනීමට ජනතාව ඡන්දය ලබා නුදුන් බවත්, දහස් ගණනකගේ අනාගතය විනාශ කර මහ පාරට ඇද දැමූ රටේ ප්‍රධානම මූල්‍ය අපාරාධයක් සම්බන්ධයෙන් දැනට අධිකරණය ඉදිරියේ ඇසෙන නඩුවක විත්තිකාරියක වී සිටින ඇය පොදු ජන එක්සත් පෙරමුණ විසින් මන්ත්‍රීවරියක ලෙස තෝරා ගන්නේ පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීමට කළ ගුණ සැලකීමක් වශයෙන් බවත් විරෝධතා කරුවෝ කියා සිටියහ.

මෙම විරෝධතාවයේ දී මාධ්‍යයට අදහස් දැක්වූ ETI තැන්පත් කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපතිනිය වූ අනූෂා ජයන්ති ප්‍රකාශ කළේ දැන් දේශපාලනය වෙනස් වී ඇති බව කලක් මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාව නියෝජනය කර අද ජනතා පරාජයක් ලැබූ කණ්ඩායම් තේරුම් ගත යුතුව ඇති බවත් ඔවුන් මේ තරම් පරාජයක් ලැබූ පසුවත් කරන්නේ දීපා එදිරිසිංහ වැනි මූල්‍ය අපරාධකරුවන් ආරක්ෂා කරමින් කරන දේශපාලනයක් ඒ දේශපාලනය සම්පූර්ණයෙන්ම අහෝසි වී යෑමට නියමිත බවය.

සභාපතිවරිය මෙසේ ද කීවාය.

“අපි අද මෙතෙන්ට අවේ දීපා එදිරිසිංහ මහත්මියට විරුද්ධව විරෝධතාවයක් කරන්න. අපි මීට පෙරත් විරෝධතා කළා. මොකද දීපා එදිරිසිංහ මහත්මිය ඡන්දය ඉල්ලනකොට ජනතාව ඇයව ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළා. මෙතුමිය නගර සභාවට එපා කියලා කතිරය ලබා දුන්නේ නෑ මිනිස්සු. ”

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

“ජනතාව ප්‍රතික්ෂේප කළ කෙනෙක් අද ඇවිත් තියනවා කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියක් හැටියට. අපි කියන්නෙ මෙතුමියට විරුද්ධව මේ වනවිට අධිකරණවල නඩු පවතිනවා. ඒ වගේම ජනාධිපති කොමිෂන් සභාවේ දී මේ අය ඊටීඅයි ආයතනය තුළ තැන්පත් කරපු මහජන මුදල් පුද්ගලිකව භාවිතා කළා කියලා සාක්ෂි කරුණු සහිතව අනාවරණය වෙලා තියනවා. එහෙම චෝදනා තියන ඡන්දෙනුත් ප්‍රතික්ෂේප වුන තැනැත්තියක් අද ගෙනත් තියනවා කොළඹ මහ නගර සබාවේ මන්ත්‍රී ධූරයකට. ඒකට අපි විරුද්ධයි. මොකද මෙතුමියට තමන්ගේ ආයතනයවත් හරියට පරිපාලනය කරගන්න බැරි තැනැත්තියක් කොහොමද නගර සභාවක් පාරිපාලනය කරන්නේ. ”

“එතුමිය ගියවර හිටියා කොළඹ දිළිදුකම පිටුදැකීමේ නාගරික මන්ත්‍රීවරිය හැටියට. මේ අද මිනිස්සු මහපාරේ. අද ගොඩක් අයට එන්න බෑ. රෝගී වෙලා ඇඳන්වල. අනාගතය සම්පූර්ණයෙන් විනාශ වෙච්චි මිනිස්සු පාරට වැටිලා. මෙතුමිය තමයි මෙවර වැඩිම මුදලක් වියදම් කරන්නේ පොහොට්ටුවෙන්. දිනුවත් පැරදුනත් මේ ආසනය දෙනවා කියලා ඇයට පොරොන්දුවක් දීලා තියනවග ආරංචියි. අපි අහන්නේ රෙද්දක් ඇඳන්ද ඇවිත් ඉන්නේ මන්ත්‍රීවරියක් විදිහට දිවුරුම් දෙන්න. රටේ මහජන මුදල් වංචා කරපු අය ගැන අපේ අප්‍රසාදය විරෝධය පල කරනවා පොදු ජන එක්සත් පෙරමුණයට. ”

පහත දැක්වෙන්නේ එම විරෝධතාවය පැවැත්වුන අවස්ථාව වොයිස් ටියුබ් යූ ටියුබ් නාලිකාව විසින් විකාශය කර තිබු ආකාරයයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොදු විපක්ෂය පරදා ජාතික ජන බලවේගය වැලිකන්ද ප්‍රාදේශීය සාභාවේත් බලය පිහිටුවයි!

Next Post

කොළඹ නගර සභා ඡන්දය වැරදියි… පළාත් පාලන කොමසාරිස්වරියට එරෙහිව අධිකරණයට යනවා…මුජිබර් කියයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.