ඉන්දියාවේ හෝටල් කාමරයක තමා සමග යහන්ගතව සිටිය දී ලබා ගත් නිරුවත් දර්ශන බිරියට පෙන්වන බවට තර්ජන කර බේරුවල කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක කප්පමක් ඉල්ලූ කාන්තාවක් සහ ඇයගේ සහායකයෙක් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිය ව්‍යාපාරික කටයුතු සඳහා ඉන්දියාවට ගොස් සිටිය දී එම ව්‍යාපාරිකයාට මෙම ශ්‍රී ලාංකික කාන්තාව මුණගැසී ඇත.
එම කාන්තාව නීති විරෝධී කටයුත්තක් සඳහා ඉන්දියාවට ගොස් සිටි මාලිගාවත්ත ජුම්මා මස්ජිත් පාරේ පදිංචි 33 හැවිරිදි තැනැත්තියකි.
ඉන්දියාවේ දී ව්‍යාපාරිකයා සමග කුළුපගවී ඔහු සමග ඇසුරක් පැවැත්වූ මෙම කාන්තාව එම ලිංගික ඇසුර වීඩියෝගත කර තිබේ.
ව්‍යාපාරිකයා ලංකාවට පැමිණි පසුත් ඇය ඔහු සමග දුරකථන සංවාදය පවත්වා ඇත.
පසුව ඇය මෙම ව්‍යාපාරිකයාට තර්ජනය කරමින් ඇය සමග යහන්ගතවී සිටි අවස්ථාවේ දී පටිතගකළ නිරුවත් වීඩියෝ දර්ශන ඔහුගේ බිරිය වෙත ලබා දෙන බවට කියමින් රුපියල් ලක්ෂ හැත්තෑවක් ඉල්ලා ඇත.
එම අවස්ථාවේ දී ඇයට ලක්ෂ 10ක් ලබා දී එම වීඩියෝ පටය බිරියට ලබා දීම වළක්වා ගැනීමට මෙම ව්‍යාපාරිකයා කටයුතු කර තිබේ.
එහෙත් මෙම කාන්තාව ව්‍යාපාරිකයාට දිගින් දිගටම තර්ජනය කර ඇත. මෙම තර්ජන දරාගත නොහැකිව ඔහු තමන්ට හිතවත් පොලිස් නිලධාරියෙක් මාර්ගයෙන් යොමුවී මේ සිදුවීම කළුතර අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිළි කර තිබේ.
පසුව කප්පමේ ඉතිරි මුදල ලබා ගැනීම සඳහා බව කියමින් ඇයව බේරුවලට ගෙන්වා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත. කළුතර අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.