සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තම මානව හිමිකම් කඩ කළ බව කියමින් වෛද්‍යවරියකගෙන් මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට එරෙහිව පැමිණිල්ලක්!

by editor
ජූනි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ මානව හිමිකම් කඩවූ බව කියමින් මාම්පිටිය රෝහලේ සේවය කරන පළමු ශ්‍රේණියේ වෛද්‍යවරියක විසින් මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට හා මාම්පිටිය රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරිවරයාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හදිසි අනතුරකට ලක්ව පාදයේ ආබාධයක් ඇතිවීම හේතුවෙන් රාජකාරි කිරීමට ඇති අපහසුතාව මත මාම්පිටිය ප්‍රාදේශීය රෝහලින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට තාවකාලික ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය මාර්තු මස 21 දින නිර්දේශ කර ඇතත් මාස ගණනාවක් තිස්සේ අදාළ ස්ථාන මාරුව ඇයට ලබා නොදෙන බව ද වෛද්‍යවරිය මානව හිමිකම් කොමිෂන් සභාවට ප්‍රකාශ කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝග වලට අනුකූලව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ මාම්පිටිය රෝහලේ ස්ථානභාර වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කිරීම නිසා තමන්ට පසුගිය මැයි 06 සිට 24 දින දක්වා අසනීප නිවාඩු ලබා ගැනීමට සිදුවූ බව ද ඇගේ පැමිණිල්ලේ සඳහන් වෙයි.

පසුගිය පෙබරවාරි මස 11 දින රාජකාරි සඳහා පැමිණෙමින් සිටිය දී අනතුරට ලක්වීම හේතුවෙන් කිහිලිකරු භාවිත කිරීමට සිදුව තිබෙන බවත් මේ හේතුවෙන් මාම්පිටිය රෝහලේ දෙවන මහලේ ඇති වාට්ටු වෙත ගොස් රෝගීන් පරීක්ෂා කිරීමේ හැකියාවක් නොමැති බවත් වෛද්‍යවරිය පැමිණිල්ල මගින් සඳහන් කර තිබේ.

මේ පිළිබඳව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගලගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ මාම්පිටිය රෝහලේ එකම වහලක් යටතේ රෝගී ප්‍රතිකාර ඒකකයක් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක බැවින් අනුප්‍රාප්තිකයෙකුගෙන් තොරව කිසිම වෛද්‍යවරයෙකුට ස්ථාන මාරුවීමක් ලබා දිය නොහැකි බවය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

වෛද්‍යවරුන්ගේ සෙසු සෞඛ්‍ය සේවකයින්ගේ අයිතිවාසිකම් මෙන්ම රෝගී අයිතිවාසිකම් ගැන ද අවධානය යොමු කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යයක් බවද ඔහු අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෙඩ්ඩුන්ගේ මළ මිනී මතින් ඇවිලෙන ජයවර්ධනපුර රෝහලේ වකුගඩු දොස්තරලාගේ හුටපටය ජූඩ් චමින්ද මරාගත් හැටි….

Next Post

ජූනි මාසයේ විදුලි ජනනයෙන් 70%ක් සපුරාගෙන ඇත්තේ පුනර්ජනනීය බලශක්තියෙන්… ලංවිම නිවේදනය කරයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.