සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප්ගේ සටන් විරාමය කුඩු වී ගිය හැටි!

by editor
ජූනි 24, 2025
in පුවත්
TRUMP
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශිත සටන් විරාමයට එකඟ වීම ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එය ප්‍රතික්ෂේප වන්නේ ඊශ්‍රයාලය වෙත එල්ල කළ  ප්‍රහාර රැළි මගිනි. 

ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (23) රෑ මැදියමේ ප්‍රකාශ කරන්නේ එක්වරමය. ඒ සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි.

අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඔහු ප්‍රකාශය කළ මොහොතේ සිට ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවය. ඊශ්‍රායලය සහ ඉරානය සාමය සඳහා “එකවරම පාහේ” තමා වෙත පැමිණි බවත්, “ධර්මිෂ්ඨකම සහ සත්‍යය” යන මාර්ගයෙන් ඉවත් වුවහොත් දෙරටටම අහිමි වීමට බොහෝ දේ ඇති බවත් ට්‍රම්ප් කීවේය.

ඔහු කීවේ මුලින් ඉරානය සටන් නවත්වන බවය. පසුව ඒ අනුව යමින් ඊශ්‍රයාලය ද සටන් විරාමය පිළිපදිනු ඇතැයි ඇමරිකාව කීවේය.

මේ කතාව කියා පැය කීපයක් යන්නට පෙර ඉරානය අද (24) අලුයම මිසයිල රැල්ලක් ඊශ්‍රයාලය වෙත යොමු කළේය ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය බව ඊශ්‍රායල හමුදාව පැවසීය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

දකුණු ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ බියර්ෂෙබා අසල පිපිරීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉරානය විසින් මිසයිල රැළි හයක් දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පැවසූ අතර ඊශ්‍රායලයේ ජාතික ගිලන් රථ සේවාව පැවසුවේ බියර්ෂෙබා හි පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය බවය. එල්ල කළ ප්‍රහාරයකදී ඊශ්‍රායල හමුදා ඉහළම න්‍යෂ්ටික විද්‍යාඥ සෙඩිගි සාබර් ඝාතනය කළ බව ඉරානයේ ප්‍රෙස් ටීවී කීවේය.

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාම ගිවිසුමක් පිළිබඳ ට්‍රම්ප්ගේ නිවේදනය පිළිබඳව ඊශ්‍රායල අගමැති අදහස් දැක්වූයේ නැත.

ජෙරුසලම් පෝස්ට් පුවත්පතට අනුව, නෙතන්යාහු අද (24) අලුයම දක්වා සිටියේ ආරක්ෂක කැබිනට් රැස්වීමකය. . සටන් විරාමය පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසද ඔහු අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටි බව එහි වාර්තා විය.

මේ අතර ඉරානය කිසිදු බැඳීමක් සහිත සටන් විරාමයක් ප්‍රතික්ෂේප කළේය. විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කළේ සටන් විරාමයක් අවශ්‍ය නම් මුලින්ම ප්‍රහාර දීම නවත්වා සටනින් ඉවත් විය යුත්තේ ඊශ්‍රයාලය බවය. එසේ නොමැති නම් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදුකරන බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම සියලු ඉරාන වැසියන් සමග එක්ව රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සටන් කිරීමට සුදානමින් සිටින,  සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට නිර්භීතව ඉදිරිපත්ව සිටින සන්නද්ධ හමුදාවන්ට තම ස්තූතිය පිරිනමන බව ද විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වැඩිදුරටත් සිය Xගිණුමේ සටහන් තබා තිබේ.

ඉරානයේ උත්තරීතර නායක කමේනි අවධාරනය කළේ ඉරානය පීඩනයට යටත් නොවන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර සල්ලි නෝට්ටුවලින් උසාවියේ දඩ ගෙවන්න හදලා… කාන්තාවක් අත් අඩංගුවට….

Next Post

යුද්ධය ඉවර ද?.. ඊශ්‍රයාලය සටන් විරාමයට එකඟ වෙයි… සියලුම යුද ජයග්‍රහණ අත් කරගත් පසු තවත් සටනක් නැති බව ඊශ්‍රයාලය කියයි!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.