අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන එන්නතට බෑ කීව වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දුත් ඉවතට

ජාතික ඖෂධ නියාමන අධිකරියෙන් විසි වූ හත් වැනි අධ්‍යක්ෂ

by Lanka Sara Editor
අප්‍රේල් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ කීර්තිමත් වෛද්‍යවරයකු වන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාද එයින් ඉවත් කිරීමට දේශපාලන බල අධිකාරිය කටයුතු කර ඇත.

ඔහුගේ සේවය ජාතික ඖෂධ නියාමන අධිකාරියට තවදුරටත් අවශ්‍ය නොවන බව පවසමින් විෂය භාර අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පසුගිය 01 දා දාතමින් වෛද්‍ය ප්‍රනාන්දු වෙත ලිපියකින් මේ බව දන්වා එවා ඇත.

චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් කොවිඩ් එන්නත ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමැතිකමින් අනුමත නොකිරීමේ ප්‍රශ්නය මුල්කරගෙන මේ වනවිට ජාතික ඖෂධ අධිකාරියේ කටයුතු කළ අධ්‍යක්ෂවරුන් 13 දෙනාගෙන් හත් දෙනකු ඉවත් කොට හෝ ඉවත් වී තිබේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කලාපීය විශේෂ නියෝජිතයකු ලෙස කටයුතු කරන වෛද්‍ය පාලිත අබේකෝන් මෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස ක්‍රියා කළ මහාචාර්ය අසිත ද සිල්වා ද වෙයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඔවුන් ඉවත් කිරීමෙන් අනතුරුව රජයට දේශපාලනමය වශයෙන් හිතවත්කමක් දක්වන වෛද්‍ය සිසිර සිරිබද්දන වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කොට ගෙන නව අධ්‍යක්ෂවරුන් පත් කර මෙම එන්නත අනුමත කර ගැනීමට කටයුතු කළද එම අවස්ථාව වනවිටත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සිටි විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා මෙම එන්නතේ සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව අපට ප්‍රාමාණික විද්‍යාත්මක දත්ත ලබා දී නොමැති පදනමක් තුළ එම එන්නත අනුමත කිරීම නුසුදුසු බවට දැඩි සේ කරුණු දක්වා ඇත. ඔහුට අමතරව මේ සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇති අනෙක් වෛද්‍යවරයා වන්නේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමයි.

මෙම වෛද්‍යවරුන් දෙදෙනාම වෛරස මඟින් බෝවන රෝග කළමනාකරණයේ සුවිශේෂ දක්ෂතා සහිත වෛද්‍යවරුන් දෙපළක් ලෙස මෙරට වෛද්‍ය ප්‍රජාව තුළද කීර්තියක් අත්කරගෙන ඇති වෛද්‍ය දෙපළකි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ නියෝජිතයා ලෙසින් සහභාගී වූ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු 1997 වසරේ ත්‍රිත්ව එන්නත ආනයනය කිරීමේදී භාවිතයට නුසුදුසු එන්නතක් ගෙන්වීම සම්බන්ධයෙන් විශාල හඬක් නැගූ වෛවද්‍යවරයකුද වේ. මේ වනවිට මීගමුව රෝහලට සම්බන්ධව ක්‍රියා කරන වෛද්‍ය ලක්කුමාර් ඩෙංගු රෝග කළමනාකරණයේද හසළ අත්දැකීම් ඇත්තකු ලෙසින් සැලකේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙවර අවුරුදු උත්සවවලටත් අවසර සම්පූර්ණ මඟපෙන්විම් මාලාව මෙන්න

Next Post

“ධුර කාලය තුළ ජනතා ප්‍රශ්න විසඳන්න බැරි වුණොත් මට බනින්න “

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.