බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිය ආණ්ඩුව අවුරුදු පහටම ගත්තේ ඩොලර් බිලියන 5.6යි මේ ආණ්ඩුව පළමු මාස 07ට බිලියන 1.2ක් අරන්

by Lanka Sara Editor
නොවැම්බර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පෙරමුණු රජය තම රජයේ වසර පහ තුළ විදේශ ණය ලබාගත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 5600ක් පමණක් බවත් මෙම රජය ජනවාරි මාසයේ සිට පසුගිය ජූලි මාසය දක්වා මාස 07ක කාලයක් තුළ ඩොලර් මිලියන 1260 ණයක් ලබාගෙන ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේනතු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අචාර්ය හර්ෂ ද සිල්වා 2020 වසරේ මෙරට එදිනෙදා වියදම් සහ විදේශ ණය ගෙවීමට පමණක් රාජ්‍ය ආදායම මෙන් සියයට 110ක මුදලක් අවශ්‍ය වන බවට බාක්ලේස් ආයතනය විසින් සිදුකරන ද විශ්ලේෂණයකින් පුරෝකථනයක් කර ඇති බවත් මෙම මුදල අප සොයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව රජයට තවමත් නිසි සැලසුමක් ඇති බවක් නොපෙනන බවත් සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද පැවසීය.

“ජාත්‍යන්නතර මූල්‍ය වර්ගීකරණ ජේ.පී.මෝගන් බාක්ලේස් වැනි ආයතන අපේ රටේ ණය වර්ගීකරණය අඩුකළා. 2022 දෙවැනි භාගය වනවිට ජාත්‍යන්තර බැඳුම්කර, ශ්‍රි ලංකා බැඳුම්කර වැනි ඩොලර් මත ගත් ණය ගෙවීමට ලංකාවට කිසිසේත් බැරි වේ යයි ඔවුන් පුරෝකථනය කරනවා. මේ නිසා රජයට සිදුවෙනවා ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීමට. ඒ හරහා අපට ගෙවන්න තියන ඩොලර් ප්‍රමාණය යම් ආකාරයකට ඉතිරි කරගන්න වෙයි කියන පුරෝකථනය ඔවුන් සිදු කර තිබෙනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ රජය බලයට ආවේ මේ රටේ ජනතාව මුහුණදෙන ප්‍රශ්නවලින් ඔවුන් ගලවාගන්න. කොච්චර වැඩකාරයෝ විද්වතුන් ඉන්නවා කියල ආවත් සියල්ල අසාර්ථක වෙලා තිබෙනවා. අපිට පේනවා ඉතාමත් බැරෑරුම් ලෙස මෙම ආර්ථිකය කඩා වැටී තිබෙනවා. ගිය නොවැම්බර් ඡන්දෙන් පස්සේ බදු ප්‍රතිසංස්කරණය කළා. ඒ තීරණයේ අසාර්ථකත්වය කාටත් පේනවා. ආර්ථිකය කළමනාකරණය කරන පුද්ගලයන් හැටියට ඔවුන් බලාපොරොත්තු නොවන සිදුවීමක් තමයි කෙරෝනා. ඒ නිසා යම් සෘනාත්මත බලපෑමක් ආර්ථිකයට එල්ල වෙනවා නම් එය කළමනාකරණය කරන පුද්ගලයන් දැන ගන්න ඕන ඒ විදිහට වෙනස් කරගන්න.

ඒක දේශපාලන භේදයක් නැතිවුණත් කළමනාකරණය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවත. අපි කළ යුත්තේ කුමක්ද බලාපොරොත්තු වුණු දේ කරන්න බැරි නම් ඒ කලමනාකරණය කොයි ආකාරයට ද වෙනස් කළ යුත්තේ දැන් මේක ගත්තාම අපි මුහුණ දෙන විශාලතම ප්‍රශ්නය ණය ගෙවා ගැනීමේ අපහසුතාව. නැගී එන ආර්ථිකයක් සහිත රටවල් අතරින් ලංකාව කැපී පෙනෙන තැනක ඉන්නවා මොකද රාජ්‍ය ආදායමෙන් සියයට 70කට වඩා මේ අවුරුද්දේ අපිට පාවිච්චි කරන්න වෙනවා ණයවල පොලිය පමණක් ගෙවන්න.

අධ්‍යාපනයට සෞඛ්‍යය වැනි දේවලට ඉතා සුළු ප්‍රමාණයක් තමයි වෙන්කරන්න වෙන්නේ. මේ අවුරුද්දේ බාක්ක්ලේස් ආයතනය හදල තියෙන පුරෝකථනයන්ට අනුව රාජ්‍ය ආදායම වගේ සියයට 110ක් විතර වියදම් වෙයි එදිනෙදා වියදම් සහ ණය පොලිය ගෙවීමට පමණක් . මේක ලොකුම ප්‍රශ්නයක් කෙහොමද මේක විසඳන්නේ?

මේක ලේසි ප්‍රශනයක් නෙවෙයි. රජය පසුගිය ඔක්තෝබර් මාසයේදී බිලියනයක ණයක් ගෙව්වා. මේ ගෙව්වේ ණය මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්ත ණය. නිර්මාණය වී තිබෙන තත්ත්වය තමයි ණය සහ පොලිය ගෙවන්න තියනවා 2020, 23, 24 වසරවල. අපිට එන මාස 12ට ණය සහ පොලිය ගෙවන්න තියනවා ඩොලර් බිලියන 6ක් විතර. ඒකට අපි ආනයන අපනයන පරතරය එකතු කලොත් ඩොලර් බිලියන 8ක හිදැසක් තියෙනවා පියව ගන්න. අපිට ආනයන නවත්වන්න බැහැ. තෙල් මිල ඉහළට එනවා. නැවත ආර්ථිකය සක්‍රිය වෙනකොට තෙල් ආනයනයට වියදම කරන්න වෙනවා. අගය එකතු කිරීම අපයනය. සෞඛ්‍ය අංශයට ආනයන කරන්න වෙනවා.

අපිට ගෙවන්න තියෙන ණය වාරික තොගය ලොකු ප්‍රමාණයකට එකවර ගෙවන්න තියෙන මුදල් මොනවද කියල විශ්ලේෂණය කළොත් විශාල ණය වාරික ගණනක් තිබෙනවා . එහෙම නම් කළ යුක්තේ කුමක්ද? මේ විශාල ගෙවීම් යම් කිසි විදිහකට පස්සට දාන්න. අපි අභියෝගයකට මුහණ දෙන මට්ටමක ඉන්නේ. අපිට එන අදායම් හැම එකක්ම අඩුවෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් එන මුදල් බිංදුවටම බැහැල. අපිට ආපනයන ආදායම මිලියන 970 ගාණක් තියන එක ගැන සතුටු විය හැකියි. අපනයනකරුවන්ගේ ශක්තිය නිසා. ඔවුන්ට ගහන එක නෙවෙයි කරන්න තියෙන්නේ.

ඒ අපනයනකරුවන්ට ගෙවන්න බැඳී තිබෙනවා. ප්‍රේෂණවල යම් වැඩිවීමක් හෝ අඩුවීමක් වෙලා තිබෙනවා. ආණ්ඩුවට තියෙනවා විකල්ප තිකිහිපයක්. එකක් නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. ආර්ථිකයේ වී ෂෙප් රිකවරි එකක් තියෙනව කියමින් විපක්ෂය, ජාත්‍යන්තර රේටිං ආයතන සමගි ජන බලවේගේ ඉත්තෝ කියල ගහල කුඩු කිරීම. නමුත් ඒ විකල්පයෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නෑ.

අනෙක තමයි යථාර්ථය තේරුම් අරගෙන ගත යුතු ක්‍රියාමාර්ග පැහැදළි කරල කටයුතු කිරීම. සියල්ල කළමනාකරණය කළ හැකියි. අධි මානසිකත්වයට ඉන්නේ නැතිව ජාත්‍යන්තරයත් එක්ක නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කරන්න ඕන. කොහොමද මේ අභියෝගය ජයගන්නේ? විශාල ගල තල්ලු කරල පොඩ්ඩක් ඉස්සරහට යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක නිල වශයෙන් සාකච්ඡා කරල ඔවුන්ගේ ණය අරගෙන සහනයක් ගන්න.

අපි දන්නවා ජනාධිපතිතුමා ගිහින් ඉන්දියාවෙන් අගමැති මෝඩිගෙන් එවැනි සහනයක් ඉල්ලුවා. චීනයෙන් ඉල්ලා තියෙනවා, නමුත් ඔවුන්ගෙනුත් තවම යහපත් ප්‍රතිචාරයක් නෑ. ඉන්දියාවෙන් සහ චීනයෙන් ගත්ත ණයවලට වඩා ජාත්‍යන්තර සෛවරී බැඳුම්කර හරහා ගත්ත ණය විශාලයි.

බිලියන 5600 රාජපක්ෂලාගේ පළමු මාස 07ක ජනවාරි ජූලි වනතුරු බිලියන 1260ක් ටිලියන 1.3ක්. මේවායේ සාර්ථක අසාර්ථකබව ගැන මීට වඩා කාතා කරන්න ඕන සියලුම දේවල් නවත්වලා. කෝට්ටේ ආසනය හරහා යන සැහැල්ලු දුම්රිය පාරවල් හැදීම තෙල් නළය දැමීම ප්‍රාග්ධන වියදම් සම්පූර්ණයෙන් නවත්වල. අඩුම ගානේ වෙන්ටිලේටර්ස්වත් ගෙනවිත් නෑ. අපිට අහන්න වෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික කළමනාකරණය සාර්ථකද අසාර්ථකද කියන ප්‍රශ්නයයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළුතර දිස්ත්‍රික්කයේ සහන මුදල බෙදා හැරීම ඇරඹේ… රජයෙන් රුපියල් මිලියන 1310ක්…

Next Post

ඉන්දියාවේ සිට මන්නාරමට බෝට්ටුවකින් පැන ආ සරණාගතයෙක් අත්අඩංගුවට……

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.