අද (29) උදෑසන සිට මේ දක්වා ගාසා තීරය වෙත එල්ල වූ ඊශ්‍රයාල ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 37 දෙනෙක් මිය ගිය බව රෝහල් තොරතුරු උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරයි.
රාෆාට උතුරින් පිහිටි පවත්වාගෙන යනු ලබන ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන අසල කුසගින්නේ රැඳී සිටි පලස්තීනුවන් 05ක් ද මිය අය අතර වන බව එම වාර්තා තහවුරු කර ඇත.
පසුගිය පැය 24 තුළ අවම වශයෙන් මළ සිරුරු 88 ක් සහ තුවාල ලැබූ පුද්ගලයින් 365 ක් රෝහල් වෙත පැමිණ ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මාර්තු 18 වන දින ඊශ්‍රායලය විසින් සටන් විරාමය බිඳ දමා ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු අවම වශයෙන් පලස්තීනුවන් 6,175 ක් මිය ගොස් 21,378 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
2023 ඔක්තෝබර් මාසයේ යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් තහවුරු වූ මුළු මරණ සංඛ්‍යාව දැන් අවම වශයෙන් 56,500 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 133,419 ක් තුවාල ලබා ඇත.







