ගාසා තීරයේ පාලනය අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කර තිබේ.
එම අත්පත් කරගැනීම පලස්තී ජනතාවට තවත් ප්‍රචණ්ඩත්වයට හා දුක් විඳීමට හේතු විය හැකි බවට ශ්‍රී ලංකා අනතුරු අඟවා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වහාම සටන් විරාමයක් ඉල්ලා තිබේ.
කල් පවතින සාමයක් අත්කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මගින් ඔවුන්ගේ වෙනස්කම් විසඳා ගැන්නා ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර ඇත.







