ඊයේ (10) අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03කට අධික ප්‍රමාණයක් සමග පුත්තලමේ දී අත් අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා දින හතක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට පියවර ගනිමින් සිටින බව පොලිසිය පවසයි.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය .
මෙසේ අත් අඩංගුවට ගනු ලැබුවේ පුත්තලම මුයිලයිනගර් හි පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
රුපියල් මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් අයිස් කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 290 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
හික්කඩුව සීනිගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 6 යි ග්‍රෑම් 534 ක් සන්තකයේ තබාගෙන සිටියදී සොයා ගන්නා ලදී.







