කොවිඩ් අසාදිතව විපතට පත්වූවන්ගේ දේහ භූමදානය කිරීමට ශ්‍රී ලංකාව තුළ ඉඩදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ඉදිරියේදී භූමදානය සඳහා අවසර ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ, වසංගත හා COVID රෝග පාලන රාජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ පාර්ලිමේන්තුවේදී කියාසිටියේ ජලය හරහා කොවිඩ් පැතිරෙන්නේ නැති බවය.
එසේනම් භූමදානය සඳහා තවමත් අවසර නොදෙන්නේ මන්දැයි විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විමසීය.
අග්‍රාමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කරන ලද්දේ ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ය.
මෑත අතීතයේ දී මුස්ලිම් කොවිඩ් වින්දිතයින් ආදාහනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු විවිධ පක්ෂ විසින් දැඩි අවධානයට හා විවේචනයට ලක්කරන ලදී.
වෛරසය ජලය හරහා පැතිරීමේ අවදානම සඳහන් කරමින් මෙරට විශේෂඥ කමිටුවක් මීට පෙර භූමදානය ප්‍රතික්ෂේප කර තිබුණි.