සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුපාඩි පාතාලයන්ට එරෙහිව අලුත් වූ පොලිසිය ගැන ඇසෙන කතාව…

by editor
අගෝස්තු 29, 2025
in පුවත්
SSP- Ruwan-Kumara
Share on FacebookShare on Twitter

අපරාධ කල්ලිවල අපරාධ ජඩකම්  සුන් වන ලකුණු පහළ වී ඇති. පොලිසිය අලුත් වී තිබේ. අලුත් වූ පොලිසියේ අලුත් මෙහෙයුම් වික්‍රමයන් සම්බන්ධව ඉඟියක් ඊයේ ( 29)  පැවැති මාධ්‍ය හමුවේ දී  අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂඨ පොලිස් අධිකාරී රුවන් කුමාර විසින් රටට හෙළි කළේය. ඒ වැදගත් තොරතුර ඇමතිවරයා ලේකම්වරයා සහ පොලිස්පතිවරයා වාර්තාකරණයේ දී ඉස්මතු වීමත් සමග යට ගිය ආකාරය දුටුවෙමු.

මධ්‍යගත දත්ත පද්ධති ගොඩ නගා කරන තක්සේරු කිරීම්,  සංකීර්ණ මෘදුකාංග ඔස්සේ කරන විශ්ලේෂණයන් සහිතව කෘත්‍රිම බුද්ධිය ද යොදාගෙන කරන විශිෂ්ට තාක්ෂණික විමර්ශන ක්‍රමවේදයන් ගැන ඉඟි කරමින්  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කළ කතාව යළිත් වරක් ඉස්මතු කිරීමට අප උත්සාහ කරන්නේ එබැවිනි.

මාධ්‍ය සාකච්ඡාව අමතමින් අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂඨ පොලිස් අධිකාරී රුවන් කුමාර විසින් කළ කතාව මෙසේය.

පසුගිය වර්ෂය සහ මේ වර්ෂය තුළ මෙහෙයුම් තීව්‍ර කරලා දැඩි කළා. එ් අයගේ තියන විශාල මුදල් සැඟවීමේ උපක්‍රම යොදා ගත්තා සුලබව මුදල් ගැවසුන නිසා. ශ්‍රී ලංකා පොලිසියට සිද්ධ වුනා සාම්ප්‍රදායික ක්‍රමවේදයට එපිටට ගිය  ක්‍රමවේදයකට යන්න

එහි ප‍්‍රතඵලයක් ලෙස පොලිසිය ක්‍රියාත්මක කළා දැවැන්ත මධ්‍යගත දත්ත පද්ධතියක්.  සෙන්ට්‍රල් ඩේටා බේස් එකක්. ඉතිහාසයේ අපට එහෙම තිබුණෙ නෑ. එම දත්ත පද්ධතිය අනුව එම අපරාධකරුවන් අපරාධ කිරීම විශ්ලේෂණය කරනවා මෘදුකාංග මගින්. එහෙමත් නැතිනම් ඔටෝ මේටඩ් සිස්ටම්වලින්.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

මේ විමර්ශනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපට පැහැදිලි වෙනවා මේ කණ්ඩායම් මෙහෙයවන්නේ කවුද, ඔවුන්ගේ ලඟම අනුගාමිකයො කවුද, ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් මොනවාද?, ඔවුන් සමග එකට ඉන්න කණ්ඩායම් මොනව ද, ඔවුන්ගේ මූල්‍ය ප්‍රභවයන් මොනවද? ඔවුන් විදේශගත වුනත් ලංකාවේ සිට පහළ මට්ටමේ අපරාධ කරන්නේ කවුද කියන මේ සියලුම දේ පිිළිබඳව  අපි විද්‍යානුකූලව විශ්ලේෂණය කරනවා. ඒ විශ්ලේෂණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පොලිසියට විශාල වරෙන්තු ප්‍රමාණයක්, විශාල රතු නිවේදන ප්‍රමාණයක් ලබා ගන්න ඉඩ ලැබුණා.

මේවා ක්‍රියාත්මක කරද්දි ඒ අයත් වැඩ කළා. විධිමත් පාස්පෝට් එක වෙනුවට හොර පාස්පෝට් එකක් හදාගෙන විදේශගත වෙනවා. ඒක ක්‍රියාත්මක වෙනකොට අප ක්‍රියාත්මක කළා  මුහුණු මගින් සැකකරුවන් හඳුනා ගැනිමේ ක්‍රමවේදය. මේක ගුවන්තොටුපල තුළ ක්‍රියාත්මක කළා. මේ නිසා අවිධිමත් පාස්පෝට් එකකින් විදේශගතවන කිසිම කෙනෙකුට විදේශගත වෙන්න ලැබුණෙ නෑ. කලාතුරකින් කෙනෙක් යන්න හැදුවත් ඒ සියලු දෙනාම අසු වෙනවා.

එතකොට මේ අය විදේශවල ඉඳලා කරන මෙහෙයුම්වලට යම් හානියක් තද බලපෑමක් කරන්න ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ලැබුණා. සමහර විශ්ලේෂණවල ප්‍රතිඵල ඔබට පේන්නේ නෑ. මොකද මේ විශ්ලේෂණය කළාට පස්සේ මේ කණ්ඩායම්වල ඉන්න බහුතරයක්.. ඒ කියන්නේ සියයට 95ක පමණ ප්‍රමාණයක් තියෙන්නේ මත්ද්‍රව්‍ය වෙනුවන් කණ්ඩායම් අතර තියන බල අරගලය. මේක විශ්ලේෂණය කළාට පස්සේ අපට කියන්න පුලුවන් තව කොයි කණ්ඩාමකට පහර දෙයිද වගේ කියන එක. ඒ වගේ වෙලාවට ඒ කණ්ඩායමේ ඉන්න පුද්ගලයින්ව ඒ ගැන දැනුම්වත් කරනවා.  සාමාන්‍ය ජනතාවට කියන්න පුලුවන් දෙගොල්ලම නරක මිනිස්සුනේ කියලා. නමුත් දඬුවම් දෙන්න ඕන  නීතිය හමුවේම තමයි. නීතියේ ආධිපත්‍ය තව කෙනෙකුට යන්න දෙන්න බෑ.  ඒ වගේ වෙලාවට ඒ පුද්ගලයින්ට ආරක්ෂා වෙන්න, ප්‍රවේශම් වෙන්න කියන එක දැනුම් දීම හරහා අපරාධ රාශියක් වැලකිලා තියනවා මේ ගත්තු පෙර ක්‍රියාකාරකම් මත.

අපි ගත්තොත් මේ වසර තුළ පමණක්  ටී.56, එස්.එම්.ජී, පිස්තෝල, රිවෝල්වර්, රිපීටර් වැනි ප්‍රධාන ඛාණ්ඩයේ අවි 200කට ආසන්න සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන තියනවා. ඒ වගේම තවත් සංවිධානාත්මක අපරාධවලටම නොවුනත් තවත් අවි 1200ක පමණ ප්‍රමාණයක් අත් අඩංගුවට  ගෙන තියනවා. මොකද සංවිධානාත්මක අපරාධකරුවන්ට වෙපන් හිඟ වෙනකොට අනෙක් වෙපන්වලටත් අත තියන්න පුලුවන් නිසා. සමස්ථය වෙපන් 1612ක් අත් අඩංගුවට අරන් තියනවා.

ඒ වගේම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වෙඩික්කරුවන් 36 දෙනෙක්, පැදිකරුවන් 25ක් ඇතුළුව  338 දෙනෙක් මේ වර්ෂය පුරාම අත් අඩංගුවට ගෙන විමර්ශන කරගෙන යනවා.

අපි සාම්ප්‍රදායිකව නෙමෙයි සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව කටයුතු කරන්නේ. අනීතික මුදල් එක්ක ඔවුන් නවීන තාක්ෂණය භාවිතා කරනකොට ඒකට නොදෙවැනි තාක්ෂණයක් ශ්‍රී ලංකා පොලිසිය භාවිතා කරලා ඔවුන්ව නීතියේ රැහැනට හසුකරන්නට කටයුතු කරනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජිත 09 වැනිදා තෙක් රිමාන්ඩ්… මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි!

Next Post

රනිල් රෝහලෙන් පිටව යයි… නිවසේ විවේකයෙන් ගතකිරීටම නියමිත බව කියයි!

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.