ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, ඇමරිකාව ඇතුළු රටවල් නවයක කණ්ඩායම් 34 ක් සහභාගිවන ගෘහස්ථ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ ( 27 ) තලවතුගොඩ යූ ප්‍රෝ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ආරම්භ කෙරිණ.
මෙම තරගාවලියේ ආර්ම්භක උත්සවය සඳහා දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිලධාරීන් පන්සියයකට අධික පිරිසක් සහභාගි වූහ.
මෙවැනි විදෙස් ආකර්ෂණය දිනා ගත හැකි තරගාවලියක් සඳහා සංචාරක මණ්ඩලය විසින් යම් සහයෝගයක් ලබා දී ඇතත් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් කිසිදු සහයෝගයක් හෝ පිළිගැනීමක් ලබා දී නොමැති බව වාර්තා වේ.

වසර විසි පහකට වඩා පැරණි සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සංගමය විසින් මෙම තරගාවලියේ සංවිධාන කරයුතු භාරව කටයුතු කරයි.
ක්‍රීඩා හැත්තෑවකට වඩා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇතත් මීට වසර 21 කට පෙරත් මෙවැනි ලෝක කුසලාන තරගාවලියක් මෙහි පවත්වා ඇති සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සංගමයට මේ දක්වා කිසිදු ක්‍රීඩා ඇමතිවරයකු ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියා පදිංචියක් ලබා දී නොමැති වීම විශේෂ සිද්ධියකි.
එහෙත් විවිධ නම් වලින් දෙතුන් දෙනකු එක්ව අටවා ගත් නාමික ක්‍රීඩා සංගම් තිහකට අධික සංඛ්‍යාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ පිළිගැනීමට ලක්ව තිබේ.







