බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරාපිටිය විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අපේක්ෂා රෝහලට මාරු කළ ලියුම භාර නොගනී!…

by editor
නොවැම්බර් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –     

කරාපිටිය  රෝහලේ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා  වහාම ක්‍රියාත්මක වන පරිදි මහරගම අපේක්ෂා රෝහල වෙත ස්ථානමාරුකර යැවීමට කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ එස්.යූ.එම්. රංග   නිකුත් කළ ලිපිය විශේෂඥ වෛද්‍යවරයා භාර නොගෙන ප්‍රතික්ෂේප කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයා නීතිමය ක්‍රියාමාර්ගයන් ගන්නා බව දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියේය. සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විනය ක්‍රියාමාර්ගයන් යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෛද්‍ය සේවා කමිටුවේ ආවරණ අනුමැතිය යටතේ මෙම ස්ථාන මාර්වීම පිළිබඳව නියෝග ලබා දී තිබේ.

පසුගිය සිකුරාදා  (01) පිළිකා රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා ශල්‍යාගාරයක් තුළදී   පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය එස්.ඩී මහලියනට බැන වැදී තර්ජනය කළ බවට වාර්තා විය.   ඊට පසුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ කාමරයේදී කරාපිටිය පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ජයමිණි හොරදුගොඩ ට දැඩි සේ තර්ජනය කර ඇති බවත් එම කාමරය අසළදී  ළමා වකුගඩු විශේෂඥ වෛද්‍යවරියක වන හර්ෂණී ධර්මවර්ධනට  පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමටද තැත් කළ බවටත් චෝදනා එල්ල වී තිබේ.

ඔහුගේ හැසිරීමට විරුද්ධව කරාපිටිය රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලය පසුගිය සෙනසුරාදා (02)  සංකේත වර්ජනයක නිරත වූ අතර අද එය පූර්ණ වැඩ වර්ජනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබිණි.  විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සම්බන්ධව වෛද්‍ය කාර්මණ්ඩලය සහ සුලු සේවකයින්ට එරෙහිව ප්‍රචන්ඩ හැසිරීම් චෝදනා එල්ල වී තිබිණි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

කෙසේ වෙතත් මෙම වෛද්‍යවරයා රෝගීන් විෂයෙහි ඉතාම වගකීම් සහිත සහ මානුෂික මෙහෙවරක නිරත වෛද්‍යවරයෙක් බව ද වාර්තා වේ. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරයා අතර නිරන්තර මතවාදී ගැටුමක් පවතින බව ද රෝහල් ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කතරගම කිරිවෙහෙර වදින්න පැමිණි ඊශ්‍රායල ජාතික සංචාරකයන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්.

Next Post

ලොහාන් ජාතික රෝහලෙන් යළිත් බන්ධනාගාර රෝහලට…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.