දිනසේන රතුගමගේ
ශ්‍රී ලංකාවේ උතුරු පළාත තුළ මහා මිනිස් සංහාරයක් සිදුව ඇති බවට කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සහ කැනඩා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු විසින් යළි කරන ලද ප්‍රකාශයකට විරෝධය පලකිරීම සදහා වවුනියාව නගරයේ විශාල විරෝධතාවයක් ඊයේ (24) පැවැත්වුණි.
වවුනියාවේ සිංහල දෙමළ හා මුස්ලිම් ජනයාගේ සංහිදියාව සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.
එහිදී විරෝධය පල කළ පිරිස කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජාතිවාදය යළි අවුස්සාලීමට කැනේඩියානු නියෝජිතයන් විසින් කරනු ලබන මෙවැනි ප්‍රකාශන ඉවහල් වන නිසා වහාම ඊට මුළු රටම විරෝධය පල කළ යුතු බවයි.
ශ්‍රී ලංකාවෙන් කැනඩාවට ගොස් සිටින දෙමළ ජනයා අතරින් එරට දේශපාලනයට ගොස් සිටින පුද්ගලයන් විසින් පතුරුවා හරින අසත්‍ය තොරතුරු ඉවහල් කරගෙන කැනඩා රජයේ බලධාරීන් මෙවැනි ප්‍රකාශන සිදු කිරීම බරපතළ හානියක් ලෙසද වවුනියාවේදී විරෝධය පල කළ පිරිස කියා සිටියහ.
වවුනියාව පැරණි බස් නැවතුම් පල ඉදිරිපිටදී පවත්වන ලද මෙම විරෝධතාවයෙන් පසුව කැනේඩියානු නියෝජිතයන්ගේ අනුරුවවලට ගිනි තබා කැ කෝ ගසමින් විරෝධතාකරුවෝ ඔවුන්ගේ අප්‍රසාදය පලකොට සිටියහ.