බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු මුහුද කොල්ලකන ධීවරයන්ට විකල්ප මාර්ග හදා දෙන්න… දේවානන්දා  තමිල්නාඩු අගමැතිගෙන් ඉල්ලයි….

by editor
අගෝස්තු 30, 2021
in පුවත්
douglas-devananda
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තමිල්නාඩුවේ සිට උතුරේ මුහුද ආක්‍රමණය කරමින් බලහත්කාරයෙන්  මසුන් මරණ ධීවරයින්ගේ ගමන වැළැක්වීම සදහා එම ධීවරයින්ට වෙනත් විකල්ප රැකියා මාර්ග සපයා දීමට පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා  තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාර්ලින්ගෙන් ඊයේ (29) දා ඉල්ලීමක් කොට තිබේ.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාවේ දෙමළ සරණාගතයින්ගේ යහපත උදෙසා ගෙන ඇති තීරණ වලට ස්තූතිය පල කරමින් ධීවර අමාත්‍යවරයා විසින් ඔහුට යවන ලද ලිපියේ මේ බව සඳහන් කොට තිබේ.

තමිල්නාඩුවේ සිට උතුරු මුහුදට මසුන් මැරීම සඳහා පැමිණෙන ධීවරයින්ගෙන් ආරක්ෂක අංශ ප්‍රශ්න කරන අවස්ථාවලදී ඔවුන් පවසා ඇත්තේ ජීවත් වීමට කිසිදු මගක් නොමැති නිසා  ජීවත් වීම  සදහා මෙම නීති විරෝධී රැකියාවේ නිරත වෙමින් ඔවුන් තමිල්නාඩුවේ සිට උතුරු මුහුදු තීරයට පැමිණෙන බවයි.

මේ ධීවරයින් විසින් වසර ගණනාවක් තිස්සේ සිදු කරගෙන යන නීති විරෝධී මසුන් මැරීමේ කටයුත්ත මේ අවස්ථාවේදී නතර නොකරණ නිසා ඔවුන්ව වෙනත්  ජීවනෝපාය මාර්ගයකට පුරුදු පුහුණු කොට ඔවුන්ට එම ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන්නේ නම්  උතුරේ ධීවර ප්‍රශ්නයට විසදුමක් ලැබෙන බව පවසන ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන්  ඉන්දීය මධ්‍යම රජය සමග සාකච්ඡා කරණ ලෙසටද තමිල්නාඩු මහ ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තමිල්නාඩුවේ වරින් වර බිහි වූ ප්‍රධාන අමාත්‍යවරු ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ සුබ සිද්ධිය සඳහා ඉටු කරන ලද සේවාවන් ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා විසින් සිය නිවේදනයේ ඉතා දීර්ඝ ලෙස විස්තර කරමින් ඊට  සිය ප්‍රසාදය හා ස්තූතියද පිරිනමමින් එම නිවේදනය තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාර්ලින්   වෙත යවා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චම්පික රණවක මිල සංසන්දනයකින් සෞභාග්‍යය පෙන්වයි

Next Post

අද කොවිඩ් මරණ 216ක්…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.