සාමාන්‍යයෙන් ඉරිදා දිනයන්හි ඉන්ධන ඇනවුම් නිකුත් කිරීම සිදු නොවන නමුත් අද (02) දින ඉන්ධන ඇනවුම් ක්‍රියාපටිපාටිය අඛන්ඩව සිදුවන බවත්, මේ තත්ත්වය තුළ ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමාණවත් සැපයුමක් පවතින බැවින් අනවශ්‍ය ලෙස කලබලවීමේ කිසිම හේතුවක් නොමැති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ.රාජකරුණා පැවසුවේ පසුගිය දින දෙක තුළ අඛණ්ඩ ඉන්ධන පරිභෝජනයෙන් පසුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අද දින අවශ්‍ය ඇණවුම් ප්‍රමාණය සපුරාලීමට පූර්ණ සූදානමින් සිටින බවය.
ඊයේ (01) සවස් වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇණවුම් 1000 කට අධික ප්‍රමාණයක් සකස් කර ඇති බවත්, ඒවා සඳහා බෙදා හැරීම නියමිත පරිදි සිදුවෙමින් පවතින බවත් ඔහු පැවසීය.
දෛනික ඇණවුම් සැකසීම සහ බෙදා හැරීම බාධාවකින් තොරව ක්‍රියාත්මක වන අතර ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවට සභාපතිවරයා ජනතාවට සහතික විය.
අනවශ්‍ය කලබලයකින් වළකින ලෙස ද සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. .







