අලුත්ගම ප්‍රදේශයේ සිට රැගෙන එන හෙරොයින් බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශයට රැගෙන විත් අලෙවි කිරීමේ ජාවාරමක සුල මුල හෙළි කරගනිමින් ඊට සම්බන්ධ සැකකරුවෙක් සහ සැක කාරියන් දෙදෙනෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ අසුරුම් කළ හෙරොයින් පැකට් දහසක් ද සමගින් මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
හාලිඇල ප්‍රදේශයේ නිවසක පදිංචි 28 හා 30 හැවිරිදි වියේ පසුවන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් බදුල්ල සහ බණඩාරවෙල ප්‍රදේශවලට මත්කුඩු බෙදා හරින බවට පොලිසියට තොරතුරක් ලැබී තිබිනි.
ඒ තොරතුර මත පොලිස් නිලධාරීන් අදාල නිවසට පැමිණෙන විටත් මේ අක්කා නගෝ දෙදෙන ඉඳ ඇත්තේ මත්කුඩු ඇසුරුම් කරමිනි. ඔවුන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ අලුත්ගම සිට පැමිණෙන පුද්ගලයෙක් ඔවුන්ට හෙරොයින් සපයන බවය.
ඔහු කොටු කරගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය උපායක් යොදා තිබිණි. ඒ අනුව ඉකුත් පොහොය දිනයේ දී සැකකරුට බණ්ඩාරවෙල දොළුව රජ මහා විහාරයට පැමිණෙන්නැයි සැකකාරියකගේ දුරකථනයක් ඔස්සේ කළ දැනුම් දීමක්මත සැකකරු සුදු ඇඳුමින් සැරසී මත් කුඩු ද රැගෙන විහාරස්ථානයට පැමිණ තිබිණි.
ඔහු සැක කාරියකට මත්කුඩු ලබා දීමේ දී සුදු ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගනු ලැබුවේය.







