සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප නැගී සිටිය යුත්තේ බෞද්ධ සංස්කෘතිය සමඟ ගොඩනැගුණු, ආරක්ෂා කරමින් වර්ධනය කළ යුතු මහා උරුමයක් සහිත ජාතියක් ලෙසයි! ජනපති කියයි!

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන සංදේශය ජනපතිට ...

by editor
අගෝස්තු 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහැර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල   විසින් අද (09) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක   වෙත පිළිගන්වනු ලැබීය.

ජනාධිපති මන්දිරය වෙත පෙරහැරින් පැමිණි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ඉන් අනතුරුව චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර පෙරහැරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත තිළිණ සහ සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ඇසළ පෙරහැර භාරය මගින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානයද ජනාධිපති අනුර කුමාර දිසානායක   අතින් සිදු කෙරුණු අතර මධ්‍යම පළාත් සංස්කෘතික අමාත්‍යාංශය විසින් සම්පාදිත “පූජනිය දළදා සංස්කෘතිය” ග්‍රන්ථයේ 20 වන කලාපය ද ජනාධිපතිවරයාට පිළිගැන්විණි.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

බෞද්ධ සංස්කෘතිය සමඟ ගොඩනැගුණු, කිසිවිටකත් අත්හැරිය නොහැකි, ආරක්ෂා කරමින් වර්ධනය කළයුතු මහා උරුමයක් ශ්‍රී ලාංකික ජනතාවට තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක  එම උරුමයෙහි වැදගත්ම අවස්ථාව ලෙස ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය සැලකෙන බව සඳහන් කළේය.

ලෝකයට ජයග්‍රහණ ගෙන දුන් විසි වන සියවසේ සිදුවූ නව පරිවර්තනය ජාතියක් ලෙස උකහා ගැනීමට අප සමත්වූවාද කියා නැවත විමසිය යුතු බවත්, අපට වඩා පසුපසින් සිටි බොහෝ රාජ්‍යයන් විසි වන සියවස අග භාගයේදී අපව පසුකර ගියේ, එම සියවසේ ජයග්‍රහණ ඉතා වේගයෙන් තමන්ගේ රාජ්‍යයයන්ට අත්පත් කර ගැනීම තුළින් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ලෝකයේ අනාගතය අත්පත් කර ගැනීමේදී මෙන්ම ඇතැම් විට ඓතිහාසික උරුමය ආරක්ෂා කර ගැනීමේදීද අප අසමත් වී තිබෙන බවත්, අපට අනන්‍ය වූ අනාගතය සහ සංවර්ධන මාවත තෝරා ගන්නේ කෙසේද යන අභියෝගය සහ කතිකාව අද අප ඉදිරියේ තිබෙන බවත් පැවසු ජනාධිපතිවරයා අපේ අනන්‍ය ගමන සොයා ගැනීමේ දි සහ ජාතියේ අනාගතය තීරණය කිරීමේදී විද්‍යා හා තාක්ෂණයේ ජයග්‍රහණ මෙන්ම ඓතිහාසික උරුමයද උකහාගත යුතු බව පෙන්වා දුන්නේය.

එලෙස නව ජාතිය ගොඩනැගීමේදී මෙම දළදා පෙරහැර මංගල්‍යය සංස්ධිස්ථානයක් බවත්, රටේ අනාගතය වෙනුවෙන් මෙවන් සංස්කෘතික මංගල්‍යය තව තවත් ආකර්ෂණිය ලෙස පොදු ජනතාව අතරට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

“ඊයේ දින මෙම පෙරහැර නරඹන විට නව යොවුන් තරුණයන් විශාල ප්‍රමාණයක් ඉතාමත් උද්යෝගයෙන් සහ ජවයෙන් පෙරහැරේ ගමන් කරනවා මම දුටුවා. ඒ දෙස බලා සිටින විට අපේ රටට අනාගතයත් තිබෙන බවට මහත් සතුටක් සහ ධෛර්යයක් ගෙනවිත් දෙනවා. ඒ වෙගේම මම දැක්කා කුඩා දරුවන් මෙන්ම වයෝවෘධ අයත් ඉතා ජවයකින් නර්තන ඉදිරිපත් කළා. අපට අවශ්‍ය තවදුරටත් මෙම සංස්කෘතික අවස්ථාවන් සමඟ බද්ධ වූ ජාතියක් ලෙස ඉදිරියට යාමටයි. ඒ වෙනුවෙන් පොදු ජනයාට අපේ ඓතිහාසික උරුමය සහ සංස්කෘතිය සමඟ ඓන්ද්‍රීයව බැඳීමට සහ හැදෑරිමට අවශ්‍ය වටපිටාව අපි නිර්මාණය කරමු”

රටේ සංස්කෘතික සහ ඓතිහාසික උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන අධිකාරිය ලෙස ලබා දිය හැකි ඉහළම සහාය වන්නේ දේවාල ඇතුළු ආයතන පද්ධතියෙන් දේශපාලනය ඉවත් කර, ඒවා ඓතිහාසික භාරකරුවන්ගේම උරුමයක් බවට පත් කිරීම බව වැඩිදුරටත් පැවසූ ජනාධිපතිවරයා මෙම සංස්කෘතික කටයුතු වෙනුවෙන් රජයක් ලෙස ලබා දෙන අනුග්‍රහයත්, දේශපාලන න්‍යාය පත්‍රයත් දෙකක් බව ඉතා හොඳින් වෙන් කර ගත යුතු බවද සඳහන් කළේය.

මහනුවර වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යය සාර්ථක කර ගැනීමට අවවාද අනුශාසනා ලබාදුන් මල්වතු – අස්ගිරි මහ නා හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයටත්, පෙරහැර කටයුතු වෙනුවෙන් කැපවූ දියවඩන නිලමේවරයා ඇතුළු සතර මහා දේවාලවල නිලමේවරුන් ප්‍රමුඛ ඊට අනුග්‍රහය දැක්වූ සියලුදෙනාටත් ස්තූතිය පළ කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත   ඇතුළු රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක අංශ නියෝජිතයෝ ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී!

Next Post

තරුණයින්ගේ රග්බි විප්ලවය… හොංකොං සහ UAE පරාද කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු  20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ රජ ගමනක…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.