අද (10) පැවැති 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් 20ට පෙර නිකුත්කිරීමට හැකිවනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි පැවසුවාය.
ඇය මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී ය.
අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී විභාග අයදුම්කරුවන් 307,951ක් අද විභාගයට මුහුණ දුන්හ.
එමෙන්ම මෙවර විභාගයේදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 901 දෙනෙකුද පෙනී සිටින බවත් ඉන් අපේක්ෂකයින් 12 දෙනෙකු බ්‍රේල් මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.







