කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බරුති රන් තැටියක් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අංගොඩ ලොක්කාගේ බිරිය වන අගම්පොඩිගේ නිසසංලා නැමැත්තියගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ ප්රකාශයක් ලබාගෙන ඇතැයි වාර්තා වේ. අංගොඩ ලොක්කගේ පුතාගේ අපල දුරුවීම සඳහා එම රන් තැටිය කතරගම දේවාලයට පූජා කර ඇත්තේ 2019 වසරේ ජූලි මස 03 වනදා බව අනාවරණය වී ඇත.
මෙම රන් තැටිය අතුරුදන්වීම සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට තොරතුරු ලැබී ඇත්තේ වට්ස් ඇප් පනිවුඩයක් ඔස්සේය. ඒ, ඉකුත් ඔක්තෝම්බර් මස 17 වනදාය. ඒ අනුව බස්නායක නිලමේවරයා විසින් ඔක්තෝම්බර් මස 18 වනදා ඒ පිළිබද පොලිස්පති සී ඩී වික්රමරත්න වෙත පැමිණිලි කර ඇත. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත නියෝග කර ඇත්තේ ඒ අනුවය.
එම විමර්ශන ආරම්භ වීමත් සමඟ පසුගිය මස 26 වනදා එන් එම් අජිත් පුෂ්පකුමාර නැමැත්තෙකු විසින් අතුරුදන්වූ රන් තැටියට සමාන රන් පැහැති තැටියක් ගෙනවිත් කතරගම දේවාලයේ පරිපාලන ලේකම්වරයාට භාරදී තිබේ.
ඔහු සදහන් කර ඇත්තේ දේවාලයේ ප්රධාන කපු මහතා වන සෝමපාල රත්නායකගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු විසින් එම රන් පැහැති තැටිය දේවාලයට භාර දෙන ලෙස පවසා තමන් වෙත භාරදුන් බවයෙ.
අදාළ තැටිය දේවාලයට අයත් එකක් බව ප්රධාන කපු මහතා එහිදී ප්රකාශ කළ බව එන් එම් අජිත් පුෂ්පකුමාර නමැත්තා දේවාලයේ පරිපාලන ලේකම්වරයා වෙත ලිපියකින් දැනුම්දී ඇති බව වැඩිදුරටත් අනාවරණය වී ඇත.
නෙත් –







