දිනසේන රතුගමගේ
රුපියල් ලක්ෂ 8ක් පමන වටිනා තහනම් දැල් හා උපකරණ තොගයක් ප්රවාහනය කරමින් සිටියදී පේදුරුතුඩුව ප්රාදේශීය සභාවේ මන්ත්රවරයෙකුට අයත් වාහනයක් සහ ඔහුගේ රියදුරා නාවික හමුදාව විසින් ඊයේ රාත්රියේ අත් අඩංගුවට ගෙන තිබේ.
ෆිලිපියා ඇලෙස්රාන් නැමති මෙමප්රාදේශීය සභා මන්ත්රිවරයා පේදුරුතුඩුව නැගෙනහිර ප්රදේශයේ දෙමළ ජාතික සන්ධානයේ ප්රධාන සංවිධායකවරයාද වෙයි.

ඔහු සිය දේශපාලන කටයුතුවලට අමතරව මහා පරිමාණයෙන් ධීවර ජාවාරමක නිරත වන අතර ඔහුට බෝට්ටු කීපයක්ද ඇති බව හෙළි වී තිබේ.
මොහු සිය දේශපාලන බලය යොදාගෙන තහනම් ධීවර දැල් හා ධීවර ආම්පන්නවලින් මසුන් මැරීමේ කටයුතු වල නිරත වන අතර කිසිදු ධීවර නීතියක් මොහු මායිම් නොකරණ බවද පේදුරුතුඩුවේ ආරක්ෂ අංශ හා ධීවර නිලධාරීන් ප්රකාශ කරයි.
නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් තහනම් දැල් තොගය හා සැකකරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා පේදුරුතුඩුවේ ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත බාර දී තිබේ.







