ඉරිදා, ජූලි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ නියෝග මත කෙනඩි මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමේ මෙහෙයුම ඇරඹේ!

by editor
ජූනි 13, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ෆෙඩරල් අධිකරණ නියෝගයකට අනුව වොෂින්ටන් නුවර පිහිටි සුප්‍රකට ‘ජෝන් එෆ්. කෙනඩි ප්‍රසාංගික කලා මධ්‍යස්ථානයේ’ (John F. Kennedy Center for the Performing Arts) ඉදිරිපස සවිකර තිබූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමේ කටයුතු සෙනසුරාදා (ජූනි 13) අලුයම සේවකයන් විසින් ආරම්භ කර තිබේ. අයහපත් කාලගුණය හේතුවෙන් සුළු ප්‍රමාදයන් සිදු වුවද, දැඩි අධිකරණ නියෝගය හමුවේ මෙම පියවර ගැනීමට පාලනාධිකාරියට සිදු විය.  පසුගිය සිකුරාදා සවස ගොඩනැගිල්ල ඉදිරිපිට පලංචි සවිකිරීමට කටයුතු කළ සේවක කණ්ඩායම්, සෙනසුරාදා අලුයම 2.00 ත් 3.00 ත් අතර කාලය තුළ ගොඩනැගිලි මුහුණතෙහි වූ අකුරු ගැලවීමේ සැබෑ කාර්යය ආරම්භ කළහ.

අධිකරණ නියොි්ගය අනුව කටයුතු කිරිමට සැරසෙමින්…

සී.එන්.එන්. ඇතුළු ප්‍රමුඛ පෙළේ මාධ්‍ය වාර්තා කළේ, සේවකයන් එම ප්‍රදේශය නොපෙනෙන සේ වැසි යන  පරිදි  විශේෂ කැන්වස්  රෙදිවලින් ආවරණය කරමින් අකුරු ඉවත් කරන විට, පිටත රැස්ව සිටි පිරිසක් “ලැජ්ජයි!” සහ “ඕක බිමට බාපල්ලා!” යනුවෙන් කෑගසමින් විරෝධය පෑ බවය. ඒ අතරම තවත් පිරිසක් සේවකයන් දිරිමත් කරමින් ඔවුන් “වීරයන්” ලෙස ද හඳුන්වා තිබිණි.

මෙම නම ඉවත් කිරීම සිදුවූයේ සිකුරාදා මධ්‍යම රාත්‍රිය වන විට ලබා දී තිබූ අවසන් කාලසීමාව කෙනඩි මධ්‍යස්ථානය විසින් මඟ හැරීමෙන් පසුවය. වොෂින්ටන් කලාපයට බලපෑ ප්‍රබල ගිගුරුම් සහිත වැසි හේතුවෙන් තමන්ට තවත් කාලය අවශ්‍ය බව මධ්‍යස්ථානය අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත්, සෙනසුරාදා අලුයම වන විට කෙසේ හෝ වැඩකටයුතු අවසන් කිරීමට සිදුවන බව අධිකරණ දෙපාර්තමේන්තු නීතිඥයන් දැනුම් දී තිබුණි.

මතභේදයට තුඩුදුන් නම වෙනස් කිරීමේ පසුබිම

ජෝන් එෆ්. කෙනඩි කලා මධ්‍යස්ථානය යනු හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි වෙනුවෙන් ඉදිකරන ලද ජාතික ස්මාරකයකි. 1964 වසරේ පනවන ලද ඇමෙරිකානු නීතියකට අනුව මෙහි නම වෙනස් කිරීමට බලය ඇත්තේ එරට කොංග්‍රස් මණ්ඩලයට පමණි.

කෙසේ වෙතත්, 2025 දෙසැම්බර් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පත් කරන ලද සාමාජිකයන්ගෙන් බහුතරයක් සමන්විත වූ කෙනඩි මධ්‍යස්ථාන අධ්‍යක්ෂ මණ්ඩලය, එහි නමට ට්‍රම්ප්ගේ නම ද එකතු කිරීමට ඡන්දය ප්‍රකාශ කළේය. ඒ අනුව “ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් සහ ජෝන් එෆ්. කෙනඩි අනුස්මරණ ප්‍රසාංගික කලා මධ්‍යස්ථානය” ලෙස නව අකුරු ගොඩනැගිල්ලට එක් කෙරුණු අතර, ට්‍රම්ප් එහි මණ්ඩල සභාපතිවරයා බවට ද පත් විය.

RelatedPosts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

මෙම ක්‍රියාවලියට එරෙහිව ඔහියෝ ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් කොංග්‍රස් සභික ජොයිස් බීටි (Joyce Beatty) විසින් අධිකරණය හමුවේ නඩු පවරන ලදී. ඇය පෙන්වා දුන්නේ මණ්ඩලයේ තීරණය නීති විරෝධී බවත්, ඡන්ද විමසීමට පූර්ණ ලෙස සහභාගී වීමට තමන්ට ඉඩ නොදුන් බවත්ය. තවත් සංස්කෘතික හා උරුමයන් සුරැකීමේ සංවිධාන කිහිපයක් ද මෙම නඩුවට එක් විය.

පසුගිය මැයි 29 වැනිදා තීන්දුවක් දෙමින් දිස්ත්‍රික් විනිසුරු ක්‍රිස්ටෝපර් කූපර් ප්‍රකාශ කළේ මෙම නම වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවය. ජූනි 12 වැනිදා වන විට ගොඩනැගිල්ලෙන්, වෙබ් අඩවියෙන් සහ අනෙකුත් සියලුම ස්ථානවලින්  ට්‍රම්ප්ගේ නම ඉවත් කරන ලෙස ඔහු නියෝග කළේය.

ට්‍රම්ගේ නම ඉවත් කරද්දි මිනිස්සු වටවී බලාගෙන හිඳිති…

ඉදිරි නීතිමය තත්ත්වය

කෙනඩි මධ්‍යස්ථානය සහ අධිකරණ දෙපාර්තමේන්තුව මෙම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරමින් සහන කාලයක් ඉල්ලා සිටියද ඇමරිකානු අධිකරණ පද්ධතියේ ඉහළම බලගතු අධිකරණයක්වන වොෂින්ටන් ඩී.සී. (Washington, DC) අගනුවර කලාපය භාරව ඇති අභියාචනාධිකරණය හෙවත් DC Circuit Court හි විනිසුරුවන් තිදෙනෙකුගෙන් යුත් මඩුල්ලක් සිකුරාදා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව නීතිමය තර්ක ඉදිරියටත් විභාග වන නමුත්, දැනට නම ඉවත් කිරීමේ නියෝගය ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට සිදු විය.

මෙම නම ඉවත් කිරීම නිසා ට්‍රම්ප් සන්නාමය සමඟ බැඳී තිබූ ඩොලර් මිලියන සිය ගණනක පෞද්ගලික ආධාර අහිමි වීමේ අවදානමක් පවතින බව පාලක මණ්ඩලය පවසයි. කොංග්‍රස් මණ්ඩලය විසින් ප්‍රතිසංස්කරණ සඳහා ඩොලර් මිලියන 257ක් වෙන් කර තිබුණේ ද ට්‍රම්ප්ගේ විශේෂ පනතක් හරහාය.

සිකුරාදා එම ස්ථානයට පැමිණි කොංග්‍රස් සභික ජොයිස් බීටි කියා සිටියේ තමන් නීතියේ සහ යුක්තියේ නිවැරදි පැත්තේ සිටින බවය. කෙනඩි පවුල සහ ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් මෙම සටන දිගටම කරගෙන යන බව ඇය අවධාරණය කළාය.

විවේචකයන් පවසන්නේ ජාතික ස්මාරකයක් මෙලෙස පුද්ගලික ප්‍රචාරක ව්‍යාපෘතියක් බවට පත් කිරීමට උත්සාහ කළ බවයි. කෙසේ වෙතත්, දැනට කෙනඩි මධ්‍යස්ථානය එහි මුල් නම වූ “ජෝන් එෆ්. කෙනඩි ප්‍රසාංගික කලා මධ්‍යස්ථානය” යන නාමයට නැවත පරිවර්තනය වෙමින් පවතී.

ට්‍රම්ප්ගේ නම ඉවත් කරමින්…
Share69Tweet43
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

Next Post

ඇමෙරිකාව සහ ඉරානය ඓතිහාසික සාම ගිවිසුමකට අඟලක් මෙපිටින්: පැය 24ක් තුළ ඉලෙක්ට්‍රොනික අත්සන් තැබීමට පකිස්ථානය සියල්ල සූදානම් කරයි!

Related Posts

president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026
පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin
පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
president secretariat sri lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.