සූරියවැව නුවන් ජයසේකර –
රුහුණු මහා කතරගම දේවාලයේ ප්රධාන කපු ධුරන්දර සොමිපාල ටී රත්නායක ඊයේ රාත්රියේ (07) අභාවප්රාප්ත වී තිබේ.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ප්රධාන කපු මහතා ලෙස සොමිපාල ටී .රත්නායක කටයුතු කළේය. 1939.02.07 වැනි දින උපත ලැබූ සොමීපාල ටී .රත්නායක 1956 .04.13 වැනි දින රුහුණු මහා කතරගම දේවාලයේ ප්රධාන කපු ධුරය සදහා පත්ව තිබේ. එතැන් සිට දශක හතක් එම දේවාලයේ ප්රධාන කපු ධූරය දැරු හෙතෙම මිය යන්නේ 87වැනි වියේදී පසු විය.
අඛණ්ඩව දශක හතක් තිස්සේ කතරගම දේවාලයේ ඉපැරණි පුද සිරිත් විරිත් හා චාරිත්ර නිසි අයුරින් රැකගෙන කතරගම දේවාලේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී වූ සේවාවක් කළ කපු මහතෙකි.
පසුගිය කාලය තුළ ආන්දෝලනයට ලක් වුන කතරගම දේවාලයෙ රන් තැටියක් අතුරුදහන්වීම සම්බන්ධ සිද්ධියට සොමිපාල ටී රත්නායකගේ නමත් සම්බන්ධ වී තිබිණි.







