සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආනයනික කිරි පිටි මිල ඉහළට… අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගින්නක්!

by editor
මැයි 20, 2026
in පුවත්
milk-powder

milk-powder

Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

මෙරට පාරිභෝගික ජනතාව මුහුණ දී සිටින ජීවන වියදම් පීඩනය තවදුරටත් දැඩි කරමින්, ආනයනික කිරිපිටි මිල රටපුරා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද (20) දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදුවූ මෙම මිල සංශෝධනයට අනුව,

  • ග්‍රෑම් 450 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ
  • කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දමා ඇත.

ගෝලීය වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින ගෝලීය සැපයුම් දාම බාධා වැනි කරුණු මෙම මිල ඉහළ දැමීමට හේතු වූ බව ආනයනකරුවෝ පෙන්වා දෙති.

පසුගිය ජනවාරි මාසයේදී ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 125කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් අඩු කිරීමට පියවර ගත්තද, මාස කිහිපයක් ඇතුළත එම සහනය ජනතාවගෙන් උදුරා ගනිමින් මිල වර්ධනයක් සිදුවීම විශේෂත්වයකි. මෙම තත්ත්වය විශේෂයෙන්ම දෛනිකව කිරිපිටි පරිභෝජනය කරන ළමුන් සහ වැඩිහිටියන් සිටින අඩු ආදායම්ලාභී පවුල්වලට සෘජු සහ දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගින්නක්!

පවතින අර්බුදයත් සමග රුපියල අවප්‍රමාණ වෙමින් ඇත. මේ වනවිට ලංකාවටත් වඩා බරපතල අර්බුදයකට ආසියානු කලාපයේ රටවල් මුහුණ දෙමිනි සිටිති. තත්ත්වය ඇත්තේ අපේ පාලනයෙන් එපිටිනි. රුපියල අවප්‍රමාණය වීමත් සග සියලුම ආනයනික ද්‍රව්‍යවල මිල ඉහළ  යමින් ඇත.   කිරිපිටි මිල ඉහළ යාම හුදකලා සිදුවීමක් නොවන මේ සමස්ථ අර්බුදයේ ප්‍රතිඵලයකි.  පසුගිය මාස කිහිපය පුරාම රට තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් අඛණ්ඩව උච්චාවචනය වෙමින් පවතී. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2026 මැයි දෙවන සතියේ සතිපතා සිල්ලර මිල දත්ත ද සනාථ කරන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ බොහෝ ආහාර ද්‍රව්‍යවල මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විශේෂයෙන්ම තිරිඟු පිටි, සීනි, මස් සහ මාළු මිල ගණන් ඉහළ ගොස් ඇති අතර බීළුණු, මිරිස් සහ දෙහි වැනි එළවළු මෙන්ම වියළි මාළු (කරවල) මිල ගණන් ද ඉහළ මට්ටමක පවතී. මීට අමතරව, පසුගියදා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 28කින් ඉහළ දැමීම ඇතුළු ඉන්ධන මිල සංශෝධන හේතුවෙන් ප්‍රවාහන ගාස්තු ඉහළ යාම ද මෙම භාණ්ඩ මිල ඉහළ යාමට ප්‍රධානතම උත්තේජනයක් සපයා ඇත.

අද (20) දිනයේ සිට ඇසුරුම් කරන ලද කිරි පිටි පැකට්ටු වල මිල මෙලෙස ඉහළ යාමට නියමිතය.

ඉදිරි සතිය තුළ අදාළ මිල ගණන් යටතේ වෙළෙඳපොළට ආනයනික කිරි පිටි නිකුත් කරනු ඇත.  මේ වන විට වෙළෙඳපොළේ පවතින කිසිදු ආනයනික කිරි පිටි වර්ගයක මිල ඉහළ යෑමක් ඒ අනුව සිදුවන්නේ නැත.  කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය මේ බව සනාථ කර තිබේ.

රජයේ මැදිහත්වීම සහ විකල්ප විසඳුම්

වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ඇතුළු රජයේ නිලධාරීන්ගේ අවධානය මේ වනවිට මෙම තත්ත්වය වෙත යොමුව තිබුණද, ලෝක වෙළෙඳපොළ සාධක හමුවේ ආනයනකරුවන් ගත් මෙම තීරණය වැළැක්වීමට ප්‍රවේශයක් රජයට තිබේදැයි සැකය.

එහෙත්පා රිභෝගික සංවිධාන සහ ආර්ථික විචාරකයින් පෙන්වා දෙන්නේ මෙවැනි බාහිර කම්පනවලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා රජය වහාම ක්‍රියාත්මක වන සහන ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දිය යුතු බවය. එමෙන්ම, දිගුකාලීන විසඳුම් ලෙස ආනයන සීමා කරමින් දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද මේ වනවිට දැඩිව සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී.

සමාජ මාධ්‍ය මෙන්ම වෙළෙඳපොළ පරිශ්‍රයන් තුළ ද ජනතාව මේ පිළිබඳව සිය දැඩි අප්‍රසාදය පළ කරමින් සිටින අතර, පවතින ජීවන වියදම් බර සමනය කිරීම සඳහා රජයේ කඩිනම් මැදිහත්වීමක් සමස්ත රට වැසියන්ම අපේක්ෂා කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ සම්මත වූ  ශ්‍රී ලංකාවේ නව බදු සංශෝධන පනතින්  ඔබට සිදුවන බලපෑම හරියටම දැනගන්න… 

Next Post

පරීක්ෂණයට ලක් කරන ඩීසල් වාහන අතරින් සියයට 50කින් මිනිස් සිරුරට අහිතකර විෂ කළු දුම්… සති 02කින් නිවැරදි නොකළොත් වාහන අසාධු ලේඛනගත කිරීමට සැරසෙයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.