සඳුදා, ජූලි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

by editor
ජූලි 6, 2026
in පුවත්
GOTA
Share on FacebookShare on Twitter

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සනත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද තුන්වැනි දිනටත් සලකා බලනු ලැබීය.

නීතිපති පාර්ශවයේ කරුණු දැක්වීම

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂී හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ තමන් අසාද් මව්ලානා නමැති පුද්ගලයා හඳුනන්නේ නැති බව පෙත්සම මගින් ප්‍රකාශ කර තිබුණ ද ඔවුන් දෙදෙනා එකිනෙකා මුණගැසී ඇති බවට සාක්ෂි පවතින බවය.

දැනට අත්අඩංගුවේ පසුවන ‘ඉනියභාරතී’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශයක සඳහන් වන්නේ, 2019 වසරේදී හෙන්දාවිතාරණ ඔහුව අමතා ගෝඨාභය රාජපක්ෂ හමුවන ලෙස දැනුම් දුන් බවයැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැන්වූවාය.

ඒ අනුව ඉනිය භාරතී  මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගිය අවස්ථාවේදී, පිල්ලෙයාන්ගේ පක්ෂයේ ලේකම්වරයා වූ අසාද් මව්ලානා සහ එහි භාණ්ඩාගාරික ඇතුළු පිරිසක් එහි රැඳී සිටිනු දුටු බවට වූ ඉනිය භාරතීගේ ප්‍රකාශය ඇය අධිකරණය ඉදිරියේ සලකුණු කළාය.

RelatedPosts

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

ඡායාරූප සාක්ෂි –  අසාද් මව්ලානා පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ  සමඟ සිටින අයුරු දැක්වෙන ඡායාරූප ද වගඋත්තරකරුවන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා මෙම ඡායාරූප ගන්නා ලද ස්ථානය පිළිබඳ  නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය තහවුරු කළේ මෙම ඡායාරූප ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී ලබාගත් ඒවා බවය.

නීතිමය තර්කය: “පෙත්සම්කරු මෙම රිට් පෙත්සම මඟින් තමන්ගේ පෞද්ගලික නිදහස සහ ගමන් බිමන් යාමේ අයිතිය උල්ලංඝනය වන බව පවසනවා. මේවා සෘජුවම මූලික අයිතිවාසිකම්වලට බැඳුණු කරුණුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි ව්‍යවස්ථාවට අනුව මෙවැනි කරුණු විභාග කිරීමේ බලය පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි.”

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂී හේරත් අභියාචනාධිකරණය වෙත දැනුම් දුන්නාය.

පෙත්සම්කාර පාර්ශවයේ දේශනය

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයාගේ පෞද්ගලික නිදහසට බාධා වන අයුරින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මෙම පෙත්සම ගොනු කළ බවය.

පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නිදහස සීමා කිරීමට නම් ප්‍රබල සාක්ෂි සහ සාධාරණ සැකයක් තිබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මඟින් ද තහවුරු කර ඇතැයි ජනාධිපති නීිතඥවරයා පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ කිසිදු කොමිෂන් සභා වාර්තාවක පෙත්සම්කරු පිළිබඳව කිසිදු සඳහනක් නොමැති බවද ජනාධිපති නීතිඥවරයා පැවසීය. බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ ප්‍රකාශයෙන් පසු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ පවා ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව කිසිදු චෝදනාවක් නැතැයි ඔහු අවධාරණය කළේය.

ඡායාරූප පිළිබඳ පැහැදිලි කිරීම: අධිකරණයට ඉදිරිපත් කළ ඡායාරූප පිළිබඳව දේශනය කළ ජනාධිපති නීතිඥවරයා, පෙත්සම්කරු කාදිනල් හිමිපාණන්, ඩග්ලස් දේවානන්දා, සම්බන්ධන් මන්ත්‍රීවරයා සහ ප්‍රභා ගණේෂන් වැනි දේශපාලන නායකයන් සමඟ සිටින ඡායාරූප පවතින බවත්, දේශපාලනඥයකු ලෙස විවිධ අවස්ථාවල ලබාගත් ඡායාරූපයක අසාද් මව්ලානා සිටි පමණින් ඔහුව අපරාධයකට සම්බන්ධ කළ නොහැකි බවත් කියා සිටියේය.

වත්මන් අගවිනිසුරු සූරසේන මෑතකදී ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවක ද අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව කරුණු දක්වා තිබියදී, නීතිපතිවරයා මෙම ක්‍රියාවලියට සහාය දීම පුදුමයට කරුණක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ වැඩිදුර දේශන සඳහා පෙත්සම සලකා බැලීම ජූලි 09 වැනිදාට කල් තැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

Next Post

මීගමුව බන්ධනාගාර කැරැල්ලේ මියගිය අය හඳුනා ගැනීමට ඥාතීන්ට අවස්ථාව; පශ්චාත් මරණ පරීක්ෂණ අදයි!

Related Posts

cases-are-piled-up-in-the-courts
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ජූලි 26, 2026
පුවත්

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

ජූලි 26, 2026
sajith-premadasa
පුවත්

විශ්වාසභංගයෙන් භංග වුණේ විපක්ෂ නායකයාගේ විශ්වාසයයි! – නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි!

ජූලි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
cases-are-piled-up-in-the-courts

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ජූලි 26, 2026

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

ජූලි 26, 2026
sajith-premadasa

විශ්වාසභංගයෙන් භංග වුණේ විපක්ෂ නායකයාගේ විශ්වාසයයි! – නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි!

ජූලි 26, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!
  • විශ්වාසභංගයෙන් භංග වුණේ විපක්ෂ නායකයාගේ විශ්වාසයයි! – නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.