සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ණයත් නැති බයත්” නැති GMOA ට පුරවැසියෙකුගෙන් වචනයක්!

by editor
අප්‍රේල් 1, 2026
in පුවත්
OPD
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

“‍වෛද්‍යවරු කාගෙවත් අණකට යටවෙලා ඉන්න කැමති නෑ. එහෙම අවශ්‍යත් නෑ. වෛද්‍යවරු විදියට අපි කාටවත් ණයත් නෑ. බයත් නෑ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 23,000කට වැඩි වෛද්‍යවරු වහල්ලු විදියට වැඩකරන්න කිසිසේත්ම ලෑස්ති නෑ. එහෙම වැඩගන්න ලෑස්ති වෙනවා නම් අමාත්‍යවරයාට අභියෝග කරනවා, ඔබතුමාට හැප්පෙන්න නම් ඕනේ හැප්පිලා බලමු. ඔබතුමාට දෙන්න ඕනේ උත්තරේ රජයේ වෛද්‍යවරු විදියට අපි දෙන්න ලෑස්තියි.”

මේ අභියෝගය  පාතාලයෙන් නොවේ.  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය ගෙනි.  මරදානේ  චොප්පේට ඇඳගෙන  GMOA ඉල්ලන මේ ගේම ගැන ලියන්නට පෙර පුරවැසියන් ලෙස අපට කියන්නට යමක් තිබේ.

මේ මහත්තුරු කාට බය නැති වුනත් අපට ප්‍රශ්නයක් නැත. එහෙම බය වෙන්නට ඕනෑත් නැත. ඇමතිවරයෙක් යනු දේශපාලකයෙකි.  දේශපාලකයින් සමග බේරාගත යුතු ගනුදෙනු තමන්ට කැමති මට්ටමක සිට බේරා ගැනීම GMOA කැමැත්තය.

එහෙත් ඔවුන් පහසුවෙන් අමත කරන අප විසින් නිරන්තරව මතක් කර දිය යුතු යමක් තිබේ. එනම් “ණය නැතැයි” කියන මේ මහත්තුරු  මේ රටේ බදු ගෙවන ජනතාව හැටියට අපට වී ඇති ණය පහසුවෙන් ගෙවා දමන්නට නොහැකි බවය.  නිදහස් අධ්‍යාපනය නොතිබෙන්නට  නිදහස් අධ්‍යාපනයෙන් වෛද්‍යවරයෙක් බිහි කිරීම සඳහා රුපියල් මිලියන ගණනක ජනතා බදු මුදල්  වැය නොකරන්නට  හංසමාල්  වීරසූරිය නියෝජනය කරන   GMOA බොහෝ දෙනෙක් මේ වනවිට  හේන් කුඹුරුවල හෝ ගව ගාල්වලය. නැතිනම් පේමන්ට්වලය.

උද්දච්ඡ ඇමතිවරයාට පාඩමක් උගන්වන්නට යන්නේ  තමන් කවුරුදැයි අමතක වුන උද්දච්ඡ සහ වෘත්තීය භාවය අවලමේ යැවූ අධිමානිත  ගොබ්බයින්  පිරිසක් වීමේ .  සම්පූර්ණ ආතල් එක රටේ මිනිස්සුන්ටය.  මා මේ සටහන තබන්නේ ඒ සමාජයේ පුවැසියෙක් ලෙසය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

යළිත් ඇරඹෙන වර්ජනය සහ   GMOA තර්කය

ගැටුමේ  දෙවැනි දිගුව ලෙස  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් හෙට (2026 අප්‍රේල් 02) උදෑසන 8.00 සිට යළිත් පැය 24ක දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර ඇත්තේය.  මේ වනවිට එය වෘත්තීය සටනකට එපිටින් ඇති   වෘත්තීය සමිති ආධිපත්‍යය සහ රාජ්‍ය පරිපාලන බලය අතර පවතින දරුණු ‘බල අරගලයක’ දිගුවක් බවට පත් වී තිබේ.

මාර්තු 31 වැනිදා පැවති පළමු සංකේත වර්ජනයෙන් පසුව   සිය ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් නොලැබුණු බව පවසන GMOA   හෙට වර්ජනයක් කැඳවමින්  සිය විරෝධය එල්ල කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘අත්තනෝමතික’ තීරණවලට එරෙහිවය.

  • පශ්චාත් ආධුනික (Post-intern) වෛද්‍යවරුන් පත් කිරීමේදී ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව දේශපාලනික මැදිහත්වීම් මත ලැයිස්තු වෙනස් කර ඇති බවට ඔවුහු චෝදනා කරති.
  • වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ දුෂ්කර සේවා ස්ථාන (Difficult Service Stations) සංඛ්‍යාව 393 සිට 265 දක්වා එක රැයකින් අඩු කිරීම සහ එම ප්‍රදේශවල අවම සේවා කාලය වසරක සිට වසර දෙකක් දක්වා දීර්ඝ කිරීම සිදුකර ඇති කියති.
  • මාස දෙකක් ගත වී ඇතත් නියමිත ස්ථාන මාරු 6,000න් පහෙන් එකක්වත් නිසි පරිදි සිදු කර ගැනීමට නොහැකි වීම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාව මනාව පැහැදිලි වන බව ඔවුහු පෙන්වා දෙති.

“අපි කාටවත් ණයත් නෑ, බයත් නෑ. පුලුවන්නම් හැප්පිලා ලබමු” GMOA  සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සට සෘජුවම අභියෝග කරමින් ඇත.

ඇමතිවරයාගේ  පිළිතුර

වෛද්‍යවරුන්ගේ මෙම අභියෝගයට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ලබා දුන්නේ ඉතාමත් බරපතල පිළිතුරකි. කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු අවධාරණය කළේ වසර 13ක් පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය පාලනය කළ වෘත්තීය සමිති ‘මාෆියාව’ තමන් අවසන් කළ බවය.

ඇමතිවරයා  අවධාරණය කරන කරුණු මෙසේය.

  • පශ්චාත් සීමාවාසික පත්වීම් යනු ස්ථාන මාරුවක් නොව නව බඳවා ගැනීමකි. නිශ්චිත ක්‍රමවේදයකට යටත්ව  සිදුකරන රාජ්‍ය ක්‍රියාවලියකි. ඊට වෘත්තීය සමිති සම්බන්ධ වී කළ හැකි දෙයක්  නැත.  නව බඳවා ගැනීම් සඳහා නිශ්චිත නෛතික ක්‍රමවේදවලට පූර්ණ වශයෙන් යටත්ව අයදුම්පත් කැඳවා ඇත. එම   අයදුම්පත් කැඳවීම අප්‍රේල් 04 දින දවල් 12ට අවසන් වීමට නියමිතය. “අයදුම් කරන අය පමණක් ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගන්නවා. අයදුම් නොකරන අයට එතනින් එහාට සේවාව පවත්වාගන්න බෑ. ඒක තමයි නීතිය, ඒක තමයි චක්‍රලේඛ, ඒක තමයි ආයතන සංග්‍රහය. එතැනින් එහාට මේ කාල සීමාව දික් කරන්නෙත් නෑ, බඳවා ගැනීම් වෙනස් කරන්නෙත් නෑ,” ඇමතිවරයා පවසන්නේය.
  • කිසිදු ආකාරයක නීති විරෝධී ස්ථාන මාරුවක් සිදු කර නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, මේ වන විට වාර්ෂික ස්ථාන මාරු සඳහා විධිමත් කටයුතු සිදුවන බව පැවසීය.”මැයි 10 වනවිට වෛද්‍යවරුන් හය දහසක් පමණ මාරු වීමට නියමිතයි. මේ ආකාරයට විධිමත්ව ස්ථාන මාරු ක්‍රියාවලියක් පසුගිය වසර 13ම සිදුවෙලා නෑ. ඔය ට්‍රාන්ස්ෆර් බෝඩ්වල හිටියයි කියලා කිව්වට ඒ සංගමයේ සාමාජිකයො සමහර තැන්වල අවුරුදු 13, අවුරුදු 17 හිටියා. අක්ෂි රෝහලේ අවුරුදු 13ක් හිටියා තමන්ට නියමිත ජාතික රෝහලට පාරෙන් පැනලා යන්න බැරිව. “මේ සියලු අක්‍රමිකතාවයන් නතර කරලා වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේකෙන් බහුතරයක් අසාධාරණයට ලක් වෙලා හිටිය වෛද්‍යවරුන්ට සාධාරණයක් වෙලා තියනවා. ඒ නිසා ඒ අය කැමතියි. මේකට අකමැති වෙලා තිබෙන්නේ තමන්ගේ බලය පාවිච්චි කරලා තමන්ගේ විධායක සභාවේ සාමාජිකයින්, තමන්ගේ සංගමයේ සාමජිකයන්ගේ බිරින්දෑවරු, තමන්ට කැමති කැමති තැන්වල අවුරුදු ගණනාවක් රඳවාගෙන හිටපු අය,” යැයි ඇමතිවරයා පැවසීය.

රෝහල්වල සේවය කළ යුතු වෛද්‍යවරුන් කිහිප දෙනෙකු අමාත්‍යාංශයට කැඳවාගෙන, ඔවුන් ලවා තමන්ට රිසි පරිදි ස්ථාන මාරු ලැයිස්තු සකස් කළ, අමාත්‍යාංශයේ සෑම වැඩකටම අත ගසමින් සිය බලය පෙන්වා පාලනය කළ ‘සර්ව ලෝක පූට්ටුවක්’  පැවති බව කී ඇමතිවරයා  මෙවර වර්ජනයට සැබෑ හේතුව ස්ථාන මාරු ප්‍රශ්නයක් නොව, වසර ගණනාවක් තිස්සේ    වෘත්තීය සමිතියක්    භුක්ති විඳි එම අසීමිත බලය ගිලිහී යාමේ වේදනාව බව පෙන්වා දෙන්නේය. .

“ අමාත්‍යාංශයට සීමා තියනවා. අමාත්‍යාංශය කළ යුතු කොටසක් තියනවා. වෘත්තීය සමිතියකටත් සීමා තියනවා. වෘතතීය සමිති තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කළ යුතුයි” ඇමතිවරයා ඊයේ ( 31) කීවේය.

සමාජ පීඩනය සහ වෛද්‍යවරයාගේ භූමිකාව

මේ බලු පොරය මැද මේ මොහොත වනවිට  අසරණ වෙමින් ඇත්තේ  පෞද්ගලික ප්‍රතිකාර සඳහා වත්කමක් නොමැති දුප්පත් ජනතාවය. හදිසි ප්‍රතිකාර, ළමා සහ පිළිකා රෝහල් සේවාවලට බාධාවක් නොවන බව වෛද්‍යවරුන් පැවසුවද, සාමාන්‍ය සායන සඳහා දින වකවානු ලබාගෙන දුර බැහැර සිට පැමිණෙන රෝගීන් රෝහල් ඉදිරිපිට අසරණ වන අයුරු අපි ඊයේ දිනයේ වේදනාවෙන් යුතුව බලාගෙන සිටියෙමු.

මේ මොහොත ලෝකයේ කිසිම තැනක ජීවිතය පහසු නැත. ජිවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ ගොස්ය.  ප්‍රවාහනය සීමා වී තිබේ. කම්පිත ලෙස ඉහළ ගිය ඉන්ධන මිල දරාගෙන වුව ද  ඉන්ධන ලබා ගත හැක්කේ  සලාක ක්‍රමයකටය. කුලී රථයක ගමන සිහිනයක ඈතට ගොස් තිබේ.  ඒ සියල්ල අතර කාලගුණ තත්ත්වය දරාගත නොහැකි ලෙස අසරණ මිනිසුන් පීඩාවට පත් කරමින් දවන්නේය.

සොබා දහමෙන්ද සහනයක් නොමැතිව  මේ තරම් බිඳවැටුණු සමාජ පරිසරයක ස්වකිය වෘත්තීය හිමිකමක් නොව, වෘත්තීය සමිතියක බලය රැක ගැනීම සඳහා දියත් වී ඇති අමානුෂික පොරයක අශික්ෂිත දිගුවක්  අසරණ මිනිසුන්ගේ ජීවිත පරදුවට තබා මේ මොහොතේ  සිදුවෙමින් ඇත්තේ බොහෝ විට අපේ රටේ පමණය. අමානුෂිකත්වයේ ප්‍රකාශනය යුද බිමේ ප්‍රකාශ වුවද රෝහල් භූමියක  රෝගීන්ගේ ජීවිත බිල්ලට ගෙන ක්‍රියාත්මක වුවද එහි පිළිකුල් සහගත තුච්ඡ බවේ අගය එකමය.

වෘත්තීය සමිති සීමාව ඉක්මවා ගිය දේශපාලන ‘අධිකාරිය’

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු මෙරට පැරණිතම සහ බලවත්ම වෘත්තීය සමිතියක් වුවද, පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ඔවුන් ප්‍රකට කළේ වෘත්තීය භාවයට එපිටින්  ඇති පාදඩ දේශපාලන බැලකමකි. අනුරුද්ධ පාදෙනියට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා වීමේ සිහිනයක් පැවති ආකාරය සම්බන්ධ ප්‍රකට අදහසක් ඒ වකවානුවේ සමාජයේ තිබුණේය.   GMOA සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය භූමිකාවක් කරමින් කාබනික ගොවිතැනට හමන්නනට ගොස් ලෝකය ඉදිරියේ කුල්ල කුජීත වූ පාදෙනිය GMOA දැමූ ගොහොරුවෙන් එක අඩියක් ඉදිරියට විත් රටේ ගෞරවනීය වෘත්තීය සමිතිය ලෙස අතීතයේ අත්පත් කරගත්  බහුමානය  ලබා ගැනීමට මේ වනතුරුත් ඔවුන්ට හැකි වී නැත. මේ වනවිට GMOA විසින් සිදුකරන වැදගත්ම කොටස නම් ටයි එකක් පැළඳගෙන  කැපී පෙනෙන වාහනයකින්  යන එන නමුත්  තමන්  ගර්හිත අධ්‍යාත්මයක් සහිතව  කුණු කානු පල්ලට ඇද වැටුන තුට්ටු දෙකේ හිපාටුවන් බව සමාජයට ඒත්තු  ගැන්වීමය.  දැනුමක් ලෙස ඒ කෑල්ල සමාජයට හොඳටම වැදගත්ය.

රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා රෝගියා ද නියෝජනය වන පොදු සමාජයේ බදු මුදලින් පුහුණුව ලැබ වෘත්තීය භාවය අත් කරගත් පුද්ගලයෙක් එම වෘත්තීය පරිසරය විසින් උත්පාදනය කරන බලය අවභාවිතා කිරීමේ ගැටලුව මේ වනවිට සමාජය තුළ ප්‍රශ්න කෙරෙමින් ඇත. එහි ඇති දේශපානික ස්වරය ද මිනිස්සු අවබෝධ කරගනිමින් සිටිති.

මින් තවත් එක් කාරණයක් ප්‍රකාශ වෙමින් ඇත. සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස වචනයේ අර්ථයෙන්ම උද්දච්ඡ මෙන්ම ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධව නැගෙන හඬ විෂයෙහි ශ්‍රවන ඌනතාවයෙන් පෙළෙන දේශපාලන රූපකයක් නමුත් ඔහුට වඩා අගාධයක සිට ලතෝනි දෙන GMOA විසින් ඇමතිවරයා පූරණත්වයට පත් කර සමාජයට පෙන්වන්නේය.  අපට සැක  හිතෙන්නේ ඇමති නලින්ද ජයතිස්ස  පඩි ගෙවා GMOA නඩත්තු කරනවාද කියාය.

අවසාන වශයෙන් අප දකින්නේ  රජයේ වෛද්‍ය නිලධාරීන් නොමැතිව මේ රටේ සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යා නොහැකි බවට තිබූ මතය අභියෝගයට ලක් වෙමින් පවතින බවය. ඕනෑම ක්ෂේත්‍රයක් නියෝජනය කරන නායකත්වයේ පරම වගකීම ස්වකීය සීමාව සලකුණු කරගැනීමය.

එසේ නොවන ඕනෑම කාටලයක් විසිරී යන්නට නියමිතව ඇත්තේ මිනිස්සුන්ගෙන් ගුටි කෑමෙන් අනතුරුවය.  හෙටින් පසු ඉතිරි ටික කතා කරමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උසස් පෙළ තාක්ෂණවේදයෙන් දිවයිනේ දෙවැනි තැන මහව විජයබා විද්‍යාලයේ සිතිජට!

Next Post

“ඉදිරි සති දෙක තුන තුළ අපි  ඉරානය නැවත ගල් යුගය වෙත ගෙන යනවා…”ට්‍රම්ප් ජාතිය අමතමින් කී සම්පූර්ණ කතාව කියවන්න…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.