මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුම් මාර්ග අඩාල වීම සහ දේශීය ඉල්ලුම ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, හෙට (19) සිට වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
- ඒ අනුව, වාහන අංක තහඩුවේ අවසාන අංකය 0, 2, 4, 6 සහ 8 වන වාහන සඳහා ඉරට්ටේ දිනවලදී ද,
- අවසාන අංකය 1, 3, 5, 7 සහ 9 වන වාහන සඳහා ඔත්තේ දිනවලදී ද ඉන්ධන නිකුත් කරනු ලැබේ.
පවතින ඉන්ධන සංචිත කළමනාකරණය කරගැනීමේ අරමුණින් පසුගිය 16 වනදා සිට නැවතත් QR කේත ක්රමය ක්රියාත්මක කිරීමට රජය පියවර ගත් අතර, මෙම නව ක්රමවේදය හරහා පෝලිම් පාලනය කිරීමට අපේක්ෂා කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කරයි







