බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රාජපක්ෂ නිකායෙන් පැලවත්ත නිකායට” මාරු වූ බවට සමාජ මාධ්‍යයේ පලවූ කතාවලට අම්පිටියේ සුමන රතන හිමියෝ උත්තර දෙති!

කිසිවක්  වෙනස් වෙලා  නෑ... කවුරු හොඳ වැඩ කෙරුවත්  කරන හොඳ වැඩට හොඳයි කියනවා...   

by editor
මැයි 23, 2026
in පුවත්
Ampitiye-Sumanarathana
Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න –  

මෙතෙක් බිහි වූ කිසිදු ජනාධිපතිවරයෙකු නැගෙනහිර පළාතේ ජනතාවගේ ගැටලු විසඳීමට ඍජුව ඉදිරිපත් නොවූ බවත්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක තම විහාරස්ථානයට පැමිණ පළාතේ ජනතාවගේ ගැටලු විසඳා දීමට පොරොන්දු වූ බවත් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි  සඳහන් කළහ.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ නැගෙනහිර පළාතේ සියලු ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්ව ජනාධිපතිවරයාට සහයෝගය ලබාදිය යුතු බවය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වැඩපිළිවෙළ අගය කරන බවත්, නැගෙනහිර පළාතේ ජීවත්වන ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලුව ඇතුළු අනෙකුත් පොදු ප්‍රශ්න විසඳීමට ජනාධිපතිවරයාට ශක්තියක් පවතින බවත් උන්වහන්සේ කීහ. එම කටයුත්ත නිසි ලෙස ඉටු කිරීමට ජනාධිපතිවරයා මැදිහත් වනු ඇති බවට තමාට දැඩි විශ්වාසයක් පවතින බවද සුමනරතන  හිමි  වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන  හිමියන් මේ බව සඳහන් කළේ අද (23) පෙරවරුවේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Ampitiye-Sumanarathana

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියෝ මෙසේද පැවසූහ.

”මෛත්‍රිපාල ජනාධිපතිවරයා මඩකලපුවට ආවා. ඒත් පන්සලට ආවේ නැහැ. මහින්ද රාජපක්ෂ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවෙලා හිටිය කාලෙත් පන්සල පැත්තේ ආවේ නැහැ. ගෝඨාභය රාජපක්ෂත් ඒ වැඩේමයි කළේ. නමුත් මේ ජනාධිපතිවරයාගෙන් මම සාකච්ඡාවක් ඉල්ලුවාම ඒක ලබා දුන්නා. නැගෙනහිර පළාතේ ගැටලු ගැන අනුර දිසානායක ජනාධිපතිවරයා  එක්ක සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබුණා. ඒක නැගෙනහිර පළාතේ ජනතාව ලබාගත් ලොකු ජයග්‍රහණයක්. අපි විශ්වාස කරනවා නැගෙනහිර පළාතේ ජනතාව වෙනුවෙන් යම් වැඩ කොටසක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා  ඉටු කරයි කියලා. ඒ සඳහා එතුමාට සියලු දෙනාගේම සහාය ලබාදිය යුතුයි. නැගෙනහිර පළාතේ සංඝරත්නය හැටියට අපි සියලු දෙනාම එකතුවෙලා ජනාධිපතිවරයාට හොඳ සහයෝගයක් ලබා දෙනවා.”

ඇත්ත ඇති සැටියෙන් දැකීමට තමන් කටයුතු කරන බව පෙන්වා දුන් සුමනරතන හිමියෝ, තමන් දේශපාලන පක්ෂ පස්සේ යන අයෙකු නොවන බවද මෙහිදී අවධාරණය කළහ.

”සමහරු මේවා දැකලා, මම මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් අයින් වෙලා, අනුර කුමාර දිසානායක පාර්ශ්වයට සම්බන්ධ වුණා කියලා විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ අපට ප්‍රහාර එල්ල කරනවා. මඩ ප්‍රචාර යවනවා. නමුත් අපි හොඳ වැඩ කරද්දී පවතින රජයට වගේම ජනාධිපතිවරයාට හොඳ කිව යුතුයි. මම මාලිමාවටවත්, ජනතා විමුක්ති පෙරමුණටවත් කඩේ යන්නේ නැහැ. ජනාධිපතිවරයා කරන හොඳ වැඩපිළිවෙළක් තියෙනවා නම් අපි ඒකට උපරිම සහයෝගය ලබා දෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

Next Post

“මැදපෙරදිග එක්සත් ජනපදය?” ට්‍රම්ප් ඉරාන සිතියම අලවා ලෝකය කැළඹූ ආන්දෝලනාත්මක සටහනේ කතාව!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.