තලංගම, අකුරේගොඩ ප්රදේශයේ දී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිය වෙඩි තබා ඝාතනය කිරීමේ සාහසික අපරාධයට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු මාලදිවයිනේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු අද රාත්රියේ දී දිවයිනට රැගෙන ආ බව පොලිසිය තහවුරු කරයි.
පසුගිය පෙබරවාරි 13 වැනිදා අකුරේගොඩ දී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිය මෙලෙස වෙඩි තබා ඝාතනයට ලක්විය.
පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ ‘කරන්දෙණියේ සුද්දා’ නමැති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙම ද්විත්ව ඝාතනය සිදු කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වැඩිදුර විමර්ශන මාලාවක් ක්රියාත්මක කර ඇත.







