ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අදින් ඇරඹෙන 2026 වසර කාර්යබහුල ක්‍රිකට් වසරක් බවට පත් වී තිබේ.
ජාතික කණ්ඩායම ප්‍රධාන ICC ඉසව් සහ දේශීය ලීග සමඟ සියලුම ආකෘති හරහා වසර පුරාම ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත්, සමහර සංචාර සහ තරඟ දිනයන් නැවත කාලසටහන්ගත කිරීමට යටත්ව සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් දින දර්ශනය – 2026
- ජනවාරි – පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි 20 තරඟ 3
- ජනවාරි / පෙබරවාරි –එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි 20 තරඟ 3ක් සහ එක්දින තරඟ 3ක සංචාරය
- පෙබරවාරි / මාර්තු –ICC විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය
- මාර්තු – ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන විස්සයි 20 තරඟ 3ක් සහ එක්දින තරඟ 3ක් සහිත තරගාවලිය
- මාර්තු / අප්‍රේල් / මැයි – ඉන්දියානු විස්සයි 20 ප්‍රිමියර් ලීග් තරගාවලිය
- ජූනි / ජූලි – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඒරෙහිව ටෙස්ට් 2ක්, විස්සයි20 තරඟ 3ක් සහ එක්දින තරඟ 3ක් සහිත තරගාවලිය
- ජූලි / අගෝස්තු – විස්සයි 20 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය
- අගෝස්තු – ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ටෙස්ට් තරඟ 2කින් යුතු තරගාවලිය
- සැප්තැම්බර් – එංගලන්තය සමග ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන විස්සයි 20 තරග 03ක් සහ එක් දින තරග 03ක් සහිත තරගාවලිය
- ඔක්තෝබර් – පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි20 තරඟ 3කින් යුතු තරගාවලිය
- ඔක්තෝබර් / නොවැම්බර් – ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සමග පැවැත්වෙන තුන් කොන් එක්දින තරගාවලිය
- නොවැම්බර් – පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලිය
- දෙසැම්බර් / ජනවාරි (2026–27) – ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වෙන විස්සයි 20 සහ ඒක්දින ජත්‍යාත්නර තරග 03
ලෝකයේ ඉහළම කණ්ඩායම් සමඟ ද්විපාර්ශ්වික තරගාවලි, ගෝලීය ICC ඉසව්වකට සහභාගී වීම සහ ප්‍රධාන ටෙස්ට් සංචාර සමඟ 2026 කාලසටහන ශ්‍රී ලංකාවට අභියෝගාත්මක වසරක් ඉස්මතු කරයි,.
තරග සැලසුම් දිනයන් සහ ස්ථාන තාවකාලිකව පවතින බවත්, තරගාවලියට ආසන්නව අවසන් නිගමනයන් කළ හැකි බවත් නිලධාරීන් සඳහන් කරයි.







