බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඔස්ට්‍රේලියානු ක්‍රිකට්වල ඇති වර්ගවාදය හෙළි කරමින් උස්මාන් කවාජා ජාත්‍යාන්තර පිටියෙන් සමු ගනී!

by editor
ජනවාරි 2, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන අවසන් මොහොතේදී පවා තමන්ට වාර්ගික ඒකාකෘති සහ අගතිගාමී විවේචන සමඟ සටන් කිරීමට සිදුව ඇති බව ප්‍රවීණ ආරම්භක පිතිකරු උස්මාන් කවාජා පැවසුවේය.

2011 වසරේදී ජාත්‍යන්තර වරම් දිනූ කවාජා, ලොව දක්ෂතම ආරම්භක පිතිකරුවෙකු ලෙස අවසන් කාලසීමාවේදී විශිෂ්ට දක්ෂතා දැක්වූයේය.  දශකයකට වැඩි කාලයක් ඕස්ට්‍රේලියානු පිතිකරණ බලඇණියේ ප්‍රමුඛයෙකු වූ උස්මාන් කවාජා සිඩ්නිහිදී අනිද්දා (4) ආරම්භවන ‘අළු බඳුන’ තරගාවලියේ 5වන හා අවසන් තරගයෙන් පසු  ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කරමින් මේ බව ප්‍රකාශ කළේය.

අළු බඳුන කුසලානය සඳහා  සිඩ්නි හි පැවති 04වැනි  ටෙස්ට් තරගයෙන් අනතුරුව   සිය ජාත්‍යාන්තර ක්‍රිකට් දිවිය නිමා කිරිම සම්බන්ධව මාධය වෙත අදහස් දක්වමින් කවාජා අවධාරණය කළේ, තමන් කෙරෙහි එල්ල වූ ඇතැම් විවේචන පිටුපස පැහැදිලි වාර්ගික පදනමක් ඇති බවය.

පර්ත් ටෙස්ට් තරගයට පෙර තමන් ගොල්ෆ් ක්‍රීඩා කිරීම සහ ඉන්පසු ඇති වූ ආබාධය සම්බන්ධයෙන් මාධ්‍ය සහ හිටපු ක්‍රීඩකයින් එල්ල කළ විවේචන දැඩි ලෙස හෙළා දුටු කවාජා, එය තම කැපවීම ප්‍රශ්න කරන ‘පුද්ගලික පහරදීමක්’ බව පැවසීය.

“මම කම්මැලියි, ආත්මාර්ථකාමීයි, කණ්ඩායමට කැපවී නැහැ වැනි දේවල් ඔවුන් කීවා. මේවා මා හැදී වැඩුණු වාර්ගික ඒකාකෘතිමයි. වෙනත් සුදු ජාතික ක්‍රීඩකයින් මෙලෙස ආබාධවලට ලක් වූ විට ඔවුන්ව හඳුන්වන්නේ ‘ඕස්ට්‍රේලියානු ලැරිකින්ලා’ (Australian Larrikins) ලෙසයි. නමුත් මගේ විශ්වාසනීයත්වය ප්‍රශ්න කෙරුණා,” යැයි ඔහු සංවේදීව ප්‍රකාශ කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඉස්ලාමාබාද්හි උපත ලබා ඕස්ට්‍රේලියාව නියෝජනය කළ පළමු මුස්ලිම් ටෙස්ට් ක්‍රීඩකයා වන 39 හැවිරිදි කවාජා, ක්‍රිකට් ක්‍රීඩාව තුළ පවතින “සුදු ආධිපත්‍යය” සහ බහු සංස්කෘතික ප්‍රජාවන්ට ඇති බාධාවන් ගැන විවෘතව කතා කළේය.

2023 දී ක්‍රිකට් ඕස්ට්‍රේලියා (CA) හඳුන්වා දුන් බහු සංස්කෘතික වැඩසටහනට ඔහු ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේය.  පසුගිය කාලසීමාවේදී දේශපාලන සහ මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් (පලස්තීන අර්බුදය වැනි) තම මතය ප්‍රකාශ කිරීම නිසාද  උස්මන් කවාජා  දැඩි විවේචනයට ලක් විය.

ක්‍රිකට් ක්‍රීඩාව වසර 15කට පෙර තිබූ තත්ත්වයට වඩා අද යහපත් මට්ටමක පවතින බව පිළිගන්නා කවාජා, තම අරමුණ පැහැදිලි කළේය. “මගේ බලාපොරොත්තුව ඊළඟට පැමිණෙන ‘උස්මාන් කවාජා’ කෙනෙකුට ඇති ගමන ‘ජෝන් ස්මිත්’ කෙනෙකුට වැනිම සමාන සහ පහසු එකක් බවට පත් කිරීමයි.”

කවාජා පැවසුවේ  ක්‍රීඩකයෙකු ලෙස පමණක් නොව, ක්‍රිකට් ක්‍රීඩාව තුළ සමාජ සාධාරණත්වය සහ විවිධත්වය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකු ලෙස තමන්ව මතකයේ තබා ගනු ඇතැයි බලාපොරොත්තු වන බවය.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ප්‍රධාන විධායක නිලධාරී ටොඩ් ග්‍රීන්බර්ග් ද කවාජාගේ අදහස් අනුමත කරමින් කියා සිටියේ, ක්‍රීඩාව තුළ සහ ප්‍රජාව තුළ තවදුරටත් වෙනස්කම් සිදු කිරීමට ඇති බවත්, ඒ සඳහා කවාජා විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයට සමලිංගික වෙබ් අඩවියක දිගුවක් ඇතුළු කිරීම…  CID විමර්ශන සමග NIE අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස් වෙයි…

Next Post

ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමි  සහ අමරපුර මහා නිකායේ මහා නායක හිමිවරු බැහැ දැක අශීර්වාද ලබා ගනිති…

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.