Sithara Limited ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී කුසලතා සම්මාන දිනයි

මෙරට මුද්‍රණ තීන්ත නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Sithara Limited ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සංවිධානය කළ 27වන ජාතික තත්ත්ව සම්මාන (2022) උළෙලේදී කුසලතා සම්මානයක් දිනා ගත්තේය. යුරෝපයෙන්, ජපානයෙන් මෙරටට ආනයනය කළ මුද්‍රණ තීන්ත වෙනුවට මෙරටදීම මුද්‍රණ තීන්ත නිපදවීමේ අරමුණින්  සී. ඊ. එල්. වික්‍රමසිංහ මහතා ඇරඹූ Sithara Limited උසස් තත්ත්වයේ නිෂ්පාදනවල  සහ සේවාවල තත්ත්වය සහතික කිරීම සහ යහපත් ව්‍යාපාර කළමනාකරණය සඳහා මෙම සම්මානය හිමි විය. පර්යේෂණ සහ සංවර්ධන අංශවලට ඉහළ අවධානයක් යොමු කිරීමට Sithara Limited නිරන්තරයෙන් කටයුතු කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්තමානයේදී කාණ්ඩ රැසකට අයත් මුද්‍රණ තීන්ත නිපදවන Sithara Limited තරගකරුවන් සියලු දෙනා අභිබවා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. නවීන තාක්ෂණයට අනුගත වෙමින් උසස් තත්ත්වයේ නිෂ්පාදන සමඟ වෙළෙඳපොළ අතික්‍රමණය කර ඇති Sithara Limited ISO 9001 තත්ත්ව සහතිකය, කාර්මික විශිෂ්ටත්වය සඳහා වන CNCI කුසලතා සම්මානය, ජෛව හායනයට ලක් වන තීන්ත සඳහා වන ‘OK’ සහතිකය සහ ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේ කුසලතා සහතිකය ඇතුළු සම්මාන සහ දෙස් විදෙස් තත්ත්ව සහතික රැසක් ලබා ඇත. UV Coatings, Water-Based Coatings, Barrier Coatings, Biodegradable Inks, UV Flexo Inks, Flexo, Rotogravure සහ Offset වැනි තීන්ත වර්ග Sithara Limited නිෂ්පාදන වපසරියට අයත් වේ. සිය මෙහෙයුම්වල පූර්ණ බලශක්ති අවශ්‍යතාව 2050 වන විට සූර්ය බලයෙන් නිපදවීමට සැළසුම් කර ඇති Sithara Limited UNSDG නිර්ණායකවලට අදාළ ඉලක්ක සහ ප්‍රමිතිවලට අනුගත වේ. ෆොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට Sithara Limited කළමනාකාරිත්වය ප්‍රගතිශීලී තීරණ රැසක් ගෙන ඇත. ඛනිජමය ද්‍රාවණ වෙනුවට ජලය ආශ්‍රිත අමුද්‍රව්‍ය භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳවද සමාගම පර්යේෂණ රැසක් කර ඇත. සිය නිෂ්පාදන අගය එකතු කළ ඒවා බවට පත් කිරීමට සංවිධාන රැසක් සමඟ ව්‍යාපෘති දියත් කිරීමටද Sithara Limited කටයුතු කරයි.

Exit mobile version