ලෝක අවධානය කොළඹට ! ලෝකයේ විශාලම නෞකාව 𝗘𝗩𝗘𝗥 𝗔𝗖𝗘 හෙට කොළඹ වරායට…

ලෝකයේ වරාය 825න් ඇය හැසිරවිය හැකි වරාය 24යි... ඉන්දියාවටත් බෑ... දකුණු ආසියාවටම කොළඹ විතරයි...

𝗘𝗩𝗘𝗥-𝗔𝗖𝗘 නෞකාව

චතුර රුවන් වීරක්කොඩි –

කොළඹ වරාය (𝗣𝗼𝗿𝘁 𝗼𝗳 𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 – 𝗟𝗞 𝗖𝗠𝗕) ගැන මේ දවස්වල ලෝකෙම කතා කරනවා. මේකට අති විශේෂ හේතුවක් තියනවා.

ලෝකයේ විශාලතම බහාලුම් නෞකාව ඒ කියන්නෙ 𝗘𝗩𝗘𝗥 𝗔𝗖𝗘 නෞකාව හෙට (ඔක්.5) කොළඹ වරායට සේන්දුවීමට නියමිතයි. මෙතන ඔබ නොදන්න කාරණය තමයි 𝗘𝗩𝗘𝗥 𝗔𝗖𝗘 නෞකාව හසුරුවන්න හැම වරායකටම පුලුවන්කමක් නෑ.

ලෝකෙ වරායවල් 825ක් අතුරින් 𝗘𝘃𝗲𝗿 𝗔𝗰𝗲 නෞකාව හසුරුවන්න පුලුවන් වරායවල් ලෝකෙටම තියෙන්නෙ 24ක් විතරයි. දකුණු ආසියාවට තියෙන්නෙ එකම වරායක් විතරයි. ඒ තමයි අපේ කොළඹ වරාය. ආඩම්බරයි නේද ?


ඉතින් අපේ වගේ කුහුඹු රටකට කොළඹ වරාය කියන්නෙම මොනතරම් යෝධ ආශිර්වාදයක්ද කියල දැන් තේරෙනවනෙ. ඒ නිසයි කොළඹ වරායට අවැඩක් වෙන සහ එය රටට අහිමි කරන්නට යන හැම අවස්ථාවකම, පවතින රජයට පවා එරෙහිව යමින් වරාය වෙනුවෙන් දැනුම්වත් මිනිස්සු පෙළගැහෙන්නෙ..𝗘𝗩𝗘𝗥-𝗔𝗖𝗘 නිකමට හිතන්න අපේ වරාය තව සංවර්ධන කරල ගත්තොත් ලංකාව සිංගප්පූරුවක් කරන මහ කජ්ජක්ද කියලා..

𝗘𝘃𝗲𝗿 𝗔𝗰𝗲 නෞකාව ගැන සරලව කිව්වොත් මීටර 400ක දිගකින් හා මීටර 61.5ක පළලකින් සමන්විත මේ නෞකාව දැනට ලෝකයේ තිබෙන විශාලතම බහාලුම් නෞකාව (Container Ship) ලෙසයි පිළිගැනෙන්නෙ. මෙහි වේගය පැයට නාවුක සැතපුම් 22.6ක් වන අතර ධාරිතාව TEU බහාලුම් 23,992ක්…

දකුණු කොරියාවේ විශාලතම නැව් නිෂ්පාදන සමාගමක් වන් 𝗦𝗮𝗺𝗦𝘂𝗻𝗴 𝗛𝗲𝗮𝘃𝘆 𝗜𝗻𝗱𝘂𝘀𝘁𝗿𝗶𝗲𝘀 සහ චීන සමූහාණ්ඩුවට අයත් රාජ්‍ය නැව් සංස්ථාවක් වන China State Shipbuilding Corporation විසින් මේ වසරේදී නිපැදවූ 𝗘𝘃𝗲𝗿 𝗔𝗰𝗲 නෞකාවේ අයිතිකරු වන්නේ තායිවානයේ නැව් සමාගමක් වන 𝗘𝘃𝗲𝗿𝗴𝗿𝗲𝗲𝗻 𝗠𝗮𝗿𝗶𝗻𝗲 ආයතනයයි.

ඇත්ත වශයෙන්ම 𝗘𝘃𝗲𝗿 𝗔𝗰𝗲 යනු Evergreen Marine ආයතනය සතුව ඇති 𝗘𝘃𝗲𝗿𝗴𝗿𝗲𝗲𝗻 𝗔 පංතියේ නෞකා 12න් විශාලතම නෞකාවයි. නෞකා 12න් හයක් චීන සමාගම විසින්ද හයක් කොරියානු සමාගම විසින්ද නිපදවා තිබෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂම කාරණය මෙම නෞකා 12ම ලෝකයේ විශාලතම බහාලුම් නෞකා අතරට ගැනීමයි. එමෙන්ම 𝗘𝘃𝗲𝗿𝗴𝗿𝗲𝗲𝗻 𝗠𝗮𝗿𝗶𝗻𝗲 ආයතනය සතුව බහාලුම් නෞකා 150කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. ලෝ පුරාම බහාලුම් සේවය සපයන 𝗘𝘃𝗲𝗿𝗴𝗿𝗲𝗲𝗻 𝗠𝗮𝗿𝗶𝗻𝗲 ආයතනයේ වාර්ෂික මෙහෙයුම් ලාභය තායිවාන් ඩොලර් (NTD) බිලියන 170 ඉක්මවයි.

 

Exit mobile version