ලක්මී කොළඹ කාර්යාලය හැව්ලොක් ටවුන්හිදී විවෘත වේ!

“ලක්මී”  න් සිය කොළඹ කාර්යාල සංකීර්ණය හැව්ලොක්ටවුන්හිදී පසුගියදා විවෘත කළේය. සෑම විටම අනර්ඝත්වයට සහ දේශීයත්වයට මුල් තැන දෙන ලක්මී හෝල්ඩිංස් වෙ‌ළෙඳපොළේ තරගකාරී නිෂ්පාදන සමග කරට කර තරග වැදී ජනතාවගේ ආදරය දිනා ගෙන ඇත්තේ හොඳම දේ ජනතාවට සැපයීමෙන් ගොඩ නගා ගත් අඛණ්ඩ විශ්වාසය නිසාය. 

අනුරාධපුරයේ හා ත්‍රිකුණාමලයේ ස්ථාපනය කර ඇති කර්මාන්ත ශාලා මඟින් ලක් මවගේ දූ පුතුන් 500කට අධික ප්‍රමාණයකට ලක්මී හෝල්ඩිංස් සෘජු රැකියා සපයා ඇත. එසේම අමුද්‍රවය සපයා ගැනීමේ ඉක්මන් බව, පහසුව හා සුලභකම ආදී කාරණා ව්‍යාපාරික උපක්‍රම වශයෙන් භාවිත කර ගොවි‌පොළවලට හා සැපයුම් ජාලයට ඉතාම ආසන්නයෙන් ඔවුන් තම කර්මාන්තශාලා පිහිටුවා ඇත. මේ සුවිශේෂත්වය ලක්මී නිෂ්පාදනවල අනර්ඝ රසයට, ගුණයට සහ අසම සම නැවුම් බව අඛණ්ඩව පවත්වා ගැනීමට උපකාර වී ඇත.

ලක්මී හෝල්ඩිංස් සමග වක්‍රව සම්බන්ධ වී කටයුතු කරන ග්‍රාමීය හා නාගරික පිරිස දස දහස් ගණනකි. කොවිඩ් වසංගතය හමුවේ දේශීය ආර්ථිකය අඩපණ වූ පසුබිමක බංකොලොත් මානසිකත්වයෙන් රට දෙස බලා සිටින අයට අභියෝග හමුවේ අභිලාශ ජය ගන්නා අයුරු පෙන්වා දෙන කදිම ප්‍රායෝගික නිදර්ශනය ලක්මී හෝල්ඩිංස් සපයා ඇත. අනාගතය දකින ව්‍යවසායකයා අසීරු අවස්ථාවල ලැබෙන අභියෝග ව්‍යාපාරයේ දියුණුව වෙත යන මාවතක් කර ගනී. මේ අවස්ථාවේ ලක්මී හෝල්ඩිංස් තම ව්‍යාපාර ජාලය විහිදුවමින් කොළඹ කාර්යාල සංකීර්ණය හැව්ලොක්ටවුන්හිදී විවෘත කළේ එය තහවුරු කරමිනි.  

ලක්මි හෝල්ඩිංස් නිර්මාතෘ හා සභාපති උෂාන් උඩුමුල්ලය. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 උසස්ම පෝෂණය ලක් වැසියන්ට දායාද කරන ලක්මී හෝල්ඩිංස් සෝයා වෙළෙඳපොළේ විප්ලවීය වෙනසක් ඇති කළ නිර්මාණකරුවාද වේ. ඔවුන් මෙරට ජනතාවගේ රස නහර හඳුනා ගෙන බත් පතට ගැළපුමක් ලෙස දඩයම් බට්ටා නමින් සුවිශේෂ සෝයා රසවතෙකු හඳුන්වා දී ඇත. ඉන් නොනැවතී දේශීය කුළුබඩු සාරය උපරිම ලෙස එක් කර සෝයා මාදිලි රැසක් වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත. ඊට අමතරව සීරියල් නිෂ්පාදන ලෙස ලක් දරුවන්ට පෝෂණය දෙන ලක් පෝෂ සීරියල්,  රස වෑහෙන විවිධ වර්ගයේ ජෑම්, මේද තැවරුම්, කෑම මේසයේ රස වැඩි කරන සෝස්, මැජික් මික්ස් නූඩ්ල්ස් සහ විවිධ පාන වර්ග රැසක් වෙ‌ළෙඳ‌පොළට හඳුන්වා දී ඇත.

Exit mobile version