කොවිඩ් උවදුරු සමයේ හිඟුරාන සීනි නිශ්පාදනය වාර්තාගත ලෙස වැඩි වෙයි…

සුසන්ත අමරබන්දු –

මේ වසරේ ජනවාරි මස 01 දා සිට මේ දක්වා උක් මෙට්‍රික් ටෝ ලක්ෂ තුනක් අඹරමින් වාර්තාගත සීනී නිශ්පාදනයක් කළ බවත්,  තවත් උක් මෙට්‍රික් ටොන් පනස් දහසක අස්වැන්න නෙලා ගැනීමට ඇති බවත් ගල්ඔය වැවිලි සමාගම පවසයි.

පසුගිය මස අවසන් වනවිට සීනි නිශ්පාදනයෙන්  පමණක් ලැබූ ආදායම කෝටි 170ක් බවත්  එම සමාගම කියයි. සමාගමේ වසර හැටක ඉතිහාසය තුළ සීනි නිශ්පාදනයෙන් ලබා ඇති වැඩිම ආදායම එයය.

සමාගමේ වසර හැටක ඉතිහාසය තුළ වැඩිම උක්වගාවක් සිදුකර ඇත්තේ  මේ වකවානුව තුළය.ඒ හෙක්ටයාර 6500ක බිම් ප්‍රමාණයක වගාව ව්‍යාප්ත කරමිනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින කොවිඩ් උවදුර අභියස  කර්මාන්තයක් ලෙස නොවැටී පවත්වා ගැනීමටත්, දැනට පනවා ඇති ආනයන සීමාවන්ගෙන් උපරිම අවස්ථාව රැගෙන මෙම දේශීය නිශ්පාදනය ස්ථාවර කර ගැනීමටත් උත්සාහ කරන බව    ගල්ඔය වැවිලි  සමාගමේ සහකාර සාමාන්‍යධිකාරී මානව සම්පත් සහ පරිපාලන ඒ. එච්.වරුණ මධුෂාන් ලංකාසරට පැවසීය.

 

 

Exit mobile version