කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලෙන් වේරගල ශ්‍රී රාහුල විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක්

The laboratory was declared open by the Chairperson of Royal International School, attorney-in-law Mrs. Sandra B. Wanduragala

රෝයල් ජාත්‍යන්තර පාසලේ ‘RIS මනුස්සකම’ සමාජ සත්කාරක වැඩසටහනෙන් ව / ම / ම / වේරගල ශ්‍රී රාහුල විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක් ඉදි කර ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පති අශෝක වන්නිනායක මහතාගේ ඉල්ලීම පරිදි රෝයල් ජාත්‍යන්තර පාසලේ සිසු දරු දැරියන්ගේ මූල්‍ය ආධාරයෙන් සහ ශ්‍රී රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගේ හා දෙමව්පියන්ගේ ශ්‍රම දායකත්වයෙන් ගොඩ නැගුණු මෙම පරිගණක විද්‍යාගාරය මාර්තු මස 05 වන දින රෝයල් ජාත්‍යන්තර පාසලේ සභාපතිනි නීතිඥ සැන්ඩ්‍රා බී. වඳුරාගල මහත්මියගේ සුරතින් සිසු අයිතියට පත් කරන ලදී.

වේරගල ශ්‍රී රාහුල විද්‍යාලය කනිෂ්ඨ විද්‍යාලයක් ලෙස පවත්වා ගෙන යන අතර ගුරුවරුන් 19 දෙනෙකුගෙන් සහ සිසු දරු දැරියෝ 164 දෙනෙකුගෙන් සමන්විතය. දැඩි අවශ්‍යතාවක්ව පැවැති පරිගණක විද්‍යාගාරයක් හිමි වීම මෙම විදුහලේ සිසුන්ට සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට මහඟු පිටිවහලක් වේ. දක්ෂ දුවා දරුවන් අධ්‍යාපනය ලබන අඩු පහසුකම් සහිත පාසල් තෝරා ගෙන ඒවාට අවශ්‍ය පහසුකම් පිරිනමන රෝයල් ජාත්‍යන්තර පාසලේ ‘RIS මනුස්සකම’ සමාජ සත්කාරක වැඩසටහන තුළින් වයඹ පළාතේ අධ්‍යාපනය ඉහළ තලයකට ගෙන ඒමට අපේක්ෂා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධ්‍යාපනය දීර්ඝ කාලයක පටන් ලෝකයේ වඩාත් ඵලදායී සහ ධනාත්මක වෙනසක් ඇති කිරීමට හේතු වන ශක්තිමත් ප්‍රවාහයක් ලෙස සැලකේ. හිටපු දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලාගේ ‘ලෝකය වෙනස් කිරීම සඳහා භාවිතා කළ හැකි වඩාත්ම බලවත් අවිය අධ්‍යාපනයයි’ යන කියමනෙන් ඒ බව මනාව ප්‍රත්‍යක්ෂ වේ. රෝයල් ජාත්‍යන්තර පාසල හදවතින්ම මෙම විශ්වාසය වැලඳ ගන්නා අතර සැමට දීප්තිමත් අනාගතයක් දායාද කිරීමට අධ්‍යාපනය සතු විප්ලවකාරී බලය තියුණු කිරීමට කැප වේ. ධෛර්යය සහ නොසැලෙන කැපවීම සමඟ රෝයල් ජාත්‍යන්තර පාසල සෑම විටම ‘අධ්‍යාපනය හරහා සත්‍ය වශයෙන්ම වඩා යහපත් ලෝකයක් නිර්මාණය කළ හැකිය’ යන විශ්වාසයෙන් කටයුතු කරයි.


Exit mobile version